ලොව පුරා ජනප්‍රිය වී සිටින යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මාගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතය’ යූටියුබ් සමාජ මාධ්‍ය ජලයේ නැරඹුම් වාර කෝටි 15 (මිලියන 150) අද (12) පසු කළේය.
‘මැණිකේ මාගේ හිතේ’ ගීතය අද පස්වරුව 4.00 වන විට නැඹුම්වාර 150,278,406 ක් වාර්තා කර තිබීම කැපී පෙනුණි.
ඇය මෙම ගීතය පසුගිය මැයි මස 22 වැනිදා ‘යූටියුබ්’ මාධ්‍ය ජාලයට මුදාහැර තිබූ අතර ඒ අනුව දින 132 ක් තුළ එම ගීතය නැරඹුම් වාර කෝටි 15 පසු කළේය.
ශ්‍රී ලාංකිකයකුගේ ගීතයකට ‘යූටියුබ්’හි මෙවැනි දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර ඇයගේ ගීත ඉන්දියාව තුළ දැඩි ජනප්‍රියතාවක් ලැබීම මෙවැනි දැවැන්ත ‘යූටියුබ්’ නැරඹුම් වාර සංඛ්‍යාවක් වාර්තා වීමට හේතු වී තිබේ.










