ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සහභාගී වී සිටින පිරිසේ නම් ලයිස්තුව ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කොට ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න, තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ රන්දුල අබේවීර සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මෙම සංචාරයට එක්වන අතර ජනාධිපතිවරයාගේ පිලිපීන නිල සංචාරයට මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද එක්වීමට නියමිතය.
අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය.










