ගතවූ පැය 36ක කාලය තුළ වන අලි 11 දෙනකු මියගොස් ඇති බව සුරකිමු ලංකා ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා. (Sri Lanka Latest News)
ගල්ගමුව ප්‍රදේශය හරහා වැටී ඇති දුම්රිය මාර්ගයේ රාත්‍රී කාලයේ දුම්රිය ධාවනය කළ යුත්තේ පැයට කිලෝමීටර් 20ක වේගයෙන් බවත් එම වේගසීමාවට අනුව දුම්රිය ධාවනය කළේ නම් වන අලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට ඉඩ තිබූ බවයි උන්වහන්සේ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ










