• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිරබත් කන රන්ජන්ට ලියුමක් යවයි

January 18, 2021
in Exclusive
Reading Time: 11 mins read
A A
රන්ජන්ට ජම්පරය අන්දවයි
Share on WhatsAppShare on Facebook

අධිකරණයට අපහාස කළේය යන චෝදනාව යටතේ වසර 4ක සිර දඩුවමකට යටත් කෙරුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට මාධ්‍යවේදියකු මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන සුනන්ද දේශප්‍රිය මහතා ලිපියක් යොමු කොට තිබේ.

එම ලිපිය සම්පූර්ණයෙන්ම මෙසේය.

රංජන්,

ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට, මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්.

එකළ අපට මෙන්ම, අද ඔබටද බරපතල වැඩ ඇතිව සිරදඩුවම් නියම වී තිබේ. ඔබ වැඩ පාටියකට යැවෙනවා ඇත. මා නම් ළනු අඹරන පාටියේත්, මැහුම් පාටියේත් වැඩ කළෙමි.

කලුගල් කැඩීම සහ පොල් ලෙළි තැලීම බරපතල වැඩ ලෙස නියම කරන ලද කාලය අප හිරගෙදරට යන විටත් අවසන්ව තිබුණි.

ජම්පර් අන්දවන ලද සරත් ෆොන්සේකා හෝ එස්.බී. දිසානායක කවර හෝ වැඩ පාටියකට ඇතුළත් කරන ලද්දේදැයි අසන්නට නොතිබුණි.

සිරගතවීම ගැන මම පශ්චාත්තාප නොවීමි. ඒ අඩ සියවසකට පෙර 1971 දීය! අදත් නොතැවෙමි. විසි වසරක් සිරගතවීමට හිත හදාගෙන සිටි මට වසර 45ක් සිර දඩුවමක් ලැබුණි. ඒ චෝදනා තුනකටය. එබැවින් වෙන් වෙන්ව දුන් වසර 15X3 එකට ගෙවී යන සේ වසර 15කට කෙටිකර ඉන් ඒ වන විට ගෙවා තිබූ වසර දෙකද අඩු කරන ලදී.

අපේ නඩුව විභාග කරන ලද පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙහි සභාපති වූයේ කීර්තිමත් විනිසුරුවරයකු වූ එච්.ඇන්.ජී. ප්‍රනාන්දුය. ඔහු ඍජු මිනිසකු විය. පීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ දුෂ්ඨ අපරාධ විනිශ්චය කොමිෂන් නීතිය හැකිතාක් දුරට සාධාරණ ලෙස ක්‍රියාවේ යෙදවීමට ඔහු උත්සාහ කළේය.

දේශපාලන කාරණයක් මත සිරගතවීමෙන් පසු පසුතැවීම වැඩකට නැති දෙයකි. දේශපාලන ක්‍රියාධරයින් වශයෙන් අපට අප කරන කියන දේ සම්බන්ධයෙන් වගකීම බාර ගැනීමට හැකි විය යුතුය. එනයින් “මා එදා කී දේ සත්‍යකි. මම එය ඉල්ලා අස්කර නොගනිමි” යැයි ඔබ කල ප්‍රකාශය ගැන ඔබට ආඩම්බර විය හැකි යැයි මම සිතමි.

කැරැල්ල සම්බන්ධයෙන් අත්අඩංඟුවට පත් බහුතරය කැරැල්ලට සම්බන්ධවීම ගැන, තේරුම්ගත හැකි ලෙසම දුක් වූහ. ඔවුන් දිගටම සිටියේ කවදා එළියට යන්නට ලැබේදැයි දින ගනිමින් කණස්සල්ලෙනි. ඒ සඳහා ගත හැකි ආත්ම ඝාතක පියවරයන් ගැනීමට පවා ඔව්හු මැලි නොවූහ.

කුරුදුවත්ත පොලිස් කූඩුවෙහි දි මට හමුවූ ව්‍යාපාරයේ මගේ ආසන්තම නායකයා මෙසේ කීවේය: “දැන් තමයි නිදහසේ වටිනාකම තේරෙන්නේ. සමාව අරං එළියට යන්න බලන්න”. ඒ වනාහී කැරැල්ලට සම්බන්ධ වූ බහුතර පිරිසගේ ස්ථාවරය විය.

විජේවීර ප්‍රමුඛ පිරිසක් කියා සිටියේ ඔවුන් 71 කැරැල්ලට සම්බන්ධ නැති බැවින් ඔවුන් නිර්දෝශී බවයි. ඒ දෙවැනි ස්ථාවරය විය. ඔව්හු අධිකරණයෙහිදී කැරැල්ල හැදින්වූයේ ප්‍රති-විප්ලවයක් ලෙසය.

පශ්චාත්තාප නොවීමේ පිළිවෙතක සිටි නමුත් 1971 අප්‍රේල් 05වදා වනවිට සන්නද්ධ කැරැල්ලක් දියත් කිරීමට තරම් හේතු සාධක මෙරට නොවූ බවත් එය තරුණ තරුණියන් විසින් දියත් කළ අතිධාවනකාරී කැරැල්ලක් බවත් තේරුම් ගැනීමට අපට හැකි විය. කැරලි ගැසීමේ අයිතිය පිළිගන්නා අතරම, වැරදි අවස්ථාවක කැරැල්ලක් දියත් කිරීම වෙනුවෙන් පාලකයින්ගෙන් නොව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව මම අධිකරණයෙහිදී ද ප්‍රකාශ කළෙමි.

දැන් එනයින්ම “මෙරට අධිකරණයේ විනිසුරන් බහුතරය නැත්නම් සියයට 90-95ක් නැත්නම් බහුතරයක් දූෂිතය” යැයි කීම නිවැරදිදැයි කල්පනා කිරීමට දැන් ඔබට අවස්ථාව එළඹ ඇතැයි මම සිතමි. එසේ නැතහොත් අධිකරණ පද්ධතියේ ඇති දූෂිත ස්වභාවය ප්‍රකාශ කළ යුතු වූයේ කෙසේද යන්න මෙනෙහි කිරීමට ඔබට අවස්ථාව එළඹෙනු ඇතැයි සිතමි.

මන්ද යත් සිරගතවීම වීරකමක් වන්නේ සතියක් දෙකක් යනතුරු පමණක් නිසාය. ඉන් අනතුරුව සමාජය සිය සුපරුදු චර්යාවන්ට එළඹෙන අතර බහුතරයකට සිරගත වූ වීරයා අමතක වන නිසාය. ප්‍රභාකරන් කී දේ ඇත්තය. සිංහලයාට සති දෙකක් යන විට සමාජ දේශපාලන සිද්ධි අමතක වෙයි!

දිගටම පාර්ලිමේන්තු මංත්‍රීවරයකු ලෙස ඔබේ හඩ අවදිකරීමට අවකාශය තිබුණේ නම් සමාජයට කළ හැකිව තිබූ සේවය, අධිකරණය සියයට 90-95ක් නැතනම් බහුතරයක් දූෂිතයැයි කියා සිරගත වී වීරයකු වෙනවාට වඩා බොහෝ විශාල බව මගේ අදහසය. දැන් අපට දූෂිතයින්ට හෙණ ගැසු ඔබේ හඩ අසන්නට නොලැබී යාම ඛේදයකි.

ලෙහෙසියෙන්ම ප්‍රෙක්ෂකයින් දශලක්ෂයක් කරා ඉක්මනින්ම ගමන් කරා හැකිව තිබූ ඔබේ ෆේස්බුක් පිටුව ද දැන් එක්කෝ එකතැන පල්වනු ඇත. නැත්නම් හැකිළෙනු ඇත. මා දන්නා තරමින් රාජපාක්ෂික නොවන කිසිම ්පාලනඥයකුට එවැනි බලපෑමක් තිබුණේ නැත. පාර්ලිමේන්තුවෙන් පිටත පවා ඔබ සතු වූ සමාජ බලපෑම අති විශාලය.

රංජන්, මා මුලින් ද කී ලෙස අප දැන් මේ ආපසු හැරී බැලීම කළ යුත්තේ පසුතැවීම පිනිස නොවේ. ඉදිරිය බැලීම සහ උගත හැකි පාඩම් තේරුම් ගැනීම පිනිසය.

ශ්‍රී ලංකාවේ දූෂිත ආයතන අතුරින් අධිකරණ පද්ධතිය පවතින්නේ අංක එකට හෝ දෙකට බව වසර ගණනාවකට පෙර කරන ලද සමාජ සමීක්ෂනය කිහිපයකින්ම පෙන්වා දී තිබුණි. එමෙන්ම මෙරට අතිශයින්ම දූෂිත විනිසුරන් සිටි බවත් සාක්ෂි සහිතවම සනාථ වී තිබේ.

එදා ස්ත්‍රී දූෂක විනිසුරන් සිටියේ නම් අද ද විටෙක එවැනි පුද්ගලයින් විනිසුරු අසුන් අරා නොවැජඹෙන්නේයැයි කිව හැක්කේ කාටද?

හෙල්පිං හම්බන්තොට වංචාවට සිරගත විය යුතුව තිබූ මහින්ද රාජපක්ෂ නිර්දෝශී කලේ තමා විසින් යැයි කීවේ අප නොව මෙරට අගවිනිසුරුවරයකුව සිටි සරත් සිල්වාය. තවත් එවැන්නකු වූ මොහාන් පීරිස් අවශ්‍ය පරදි තීන්දු දෙන්නෙමියි කියා දිගටම තමා අගවිනිසුරු පදවියේ තබාගන්නැයි ජනාධිපති සිරිසේනට කීවේ යැයි ද ප්‍රචාරය විය. එවැනි අගවිනිසුරුවරුන් සිටියේ ඒ දෙදෙනා පමණක්මද? ඒම කතා අධිකරණ අපහාස නොවන්නේද?

අප තේරුම් ගත යුතු කාරණයක් වන්නේ මෙරට අධිකරණ අපහාසය සම්බන්ධයෙන් නීතියක් නැති බවයි. එය අයත්වන්නේ විනිසුරුවරුන්ගේ තීරණ ගැනීමේ බලයටය. දිය යුතු අවම හෝ උපරිම දඩුවමක් කියා දෙයක් නැත.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අධිකරණ අපහාසය සම්බන්ධයෙන් නීති ප්‍රතිසංස්කරණයන්ගේ අවශ‍්‍යතාවය දීර්ඝකාලයක් තිස්සේ පෙන්වා දෙමින් සිටින නමුත් කිසිදු ආණ්ඩුවක් ඒ ගැන පියවර ගෙන නැත. ඊට හේතුවද දේශපාලනයම විය හැකිය.

අධිකරණයට අපහාස විය හැකියැයි සැළකෙන කුමක් හෝ ප්‍රකාශක් කිරීම වනාහී දැන දැනම බිම් බෝම්බ වළදමා ඇති උල් හිටවූ හිස් බිමක කරණම් ගැසීමක් වැන්න. ජනප්‍රිය සටන් නළුවකුට වුවත් එවැනි බිමක ආරක්ෂිතව කරනම් ගැසීම නම් කළ නොහැකි දෙයකි.

මෙරට දේශපාලනයේ ඇති භයානකම සාධකයක් නම් දේශපාලන පංතියට හිමිව ඇති සමාජ දේශපාලන මුක්තියයි. එය නීතිමය මුක්තියට වඩා බලවත්ය.

කෝටි ප්‍රකෝටි ගණනින් වැය කොට තැනෙන මාලිගාවලට හිමිකරුවන් නැතිව යති. මීනීමරු දේශපාලකයෝ නිදහස් වී පාවාඩ මතින් රජ ගෙදරට එති. වෙඩි තබා මරා දැමූ සිරකරුවන් කලහයකින් මිය ගියේ යැයි කියන දේශපාලකයෝ සිරකරු කළමනාකරණයට පත් වෙති. කොවිඩ් එන්නත ජනයාට ලබාදීම වළකනු වස් අවිද්‍යාව වපුරන දේශපාලකයෝ විරයෝ වෙති. බැංකු හොරු සදාකාලික නායකතුමාම වෙති.

රංජන්, මෙය ඔබ දැන සිටි කතාවකි. “මල්ලි, උනුත් හොරු අල්ලන්නේ නෑ, මුනුත් හොරු අල්ලන්නේ නෑ” යැයි ඔබේ ඒ කියමන දූෂනය ගැන ලියැවෙන දාර්ශනික ලිපියකට වඩා බලවත්ය.

කෙටියෙන් ඔබ යළි යළි කියා ඇති පරිදි මෙරට දේශපාලන පංතියට නීතියක් රීතියක් නැත. දැන් අධිකරණය සම්බන්ධයෙන් ඔබ කළ ප්‍රකාශයද එම මුක්තියේ මෝහනයට අසුවීමේ විපාකයක්දැයි මට සිතේ. එසේ නොවන්නේ නම් කමන්න.

අධිකරණ විනිසුරු – විනිසුරුවරියන් අතර සියයට 90-95ක් නැත්නම් බහුතරයක් දූෂිත යැයි කීම සාහසික ප්‍රකාශයක් නොවන්නේද නිසංසල උදෑසනක කල්පනා කරන්න.

ඔබට දෙන ලද දඩුවම සාධාරණයැයි මා පිළිගන්නේ නැත. එමෙන්ම විනිසුරු-විනිසුරුවරියන් සියයට 90 – 95ක් දූෂිත යැයි කීමද සාධාරණ යැයි පිළිනොගනිමි.

තවත් අදහසක් තිබේ. එනම් ඔබට සිව් වසරක් සිරගතවීමට සිදු වූයේ ඔබ ඒ මුක්තිය දේශපාලන පංතියට අයත් නොවීම නිසා විය හැකිය යන්නයි. බොහෝ නීති විශාරදයින් පෙන්වා දී ඇත්තේ සිව් වසරක දඩුවම ඔබ කළ ඒ ප්‍රකාශයට සමානුපාතිව විශාල වැඩි බවයි.

ශේෂ්ඨාධිකරණ අගවිනිසුරන් හතර දෙනෙකුටම අපහාස කළැයි තීන්දු වූ ඉන්දියානු නීතිවේදියකු ලද දඩුවම වූයේ එක් රුපියලක දඩයක් බව ඔබ දන්නවාද?

අවශ්‍ය වූයේ නම් අගවිනිසුරු එච්.ඇන්.ජී. ප්‍රනාන්දු ඇතුළු විනිසුරු මඩුල්ලට මගේ දඩුවම වසර 45ක් ලෙසම තීරණය කරන්නට හැකියාව තිබුණි. නමුත් ඔව්හු එය වසර 13කට කෙටි කළහ.

ඇත්ත වශයෙන්ම නම් මම නඩු විභාගයෙහිදී දී එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල සමඟ බොහෝ හැප්පුනෙමි. මගේ ප්‍රකාශය කියවු දිනයෙහි මා කියන දේ අදාළ නැතැයි ඔව්හු කිහිප වතාවක්ම අධිකරණ කටයුතු නවතා නැගිට ගියහ. අන්තිමේදී බැරිම තැන, අධිකරණය කල්තබා, මට ලිඛිත ප්‍රකාශයක් පමණක් දෙන ලෙස නියෝග කළහ. නමුත් අපහාස කළැයි මට වැඩිපුර දඩුවම් කළේ නැත.

ඒ වෙනස් කාලයක වෙනස් විනිසුරන්ය.

ඔහු ජනාධිපතිවීමටත් පෙරම ගෝඨාභය රාජපක්ෂගේ නඩුව අසන්නට බැරි යැයි විනිසුරන් කී දෙනෙක් ඉල්ලා අස්වූයේදැයි මතකද? ඔවුන් ඉල්ලා අස්වූයේ හරියට තරඟයකට මෙනි. ඔබේ නඩුව අසන්නට බැරි යැයි කවර හෝ විනිසුරකු ඉල්ලා අස්වූයේද? නැත.

පංතියේ වෙනස එයයි.

ප්‍රිය රංජන්,

සිව් වසරක් යනු කෙටිත් නැති දිගත් නැති කාලයකි. කල් නොයවා ඔබට නිදහස් වීමට ලැබේවා යැයිද සිර ජීවිතය ගත කිරීමට අවශ්‍ය දිරියද සුවයද පතමි.

සාමාන්‍ය තත්වයන් යටතේ සිරගෙදර ඔබ ගත කිරීමට නියමිත කාලය මාස 48- (යහපත් කල් ක්‍රියාව වෙනුවෙන් 4X4) = 32 ක් විය යුතු යැයි සිතමි.

ඔබේ ලේ රස බැලීමට කැමැති කුඩු මාෆියාවද දේශපාලන මාෆියාවද සිරගෙදර බලවත්ය. එන්නම එන්නම බලය, නීතිය බවට පත්වෙමින් ඇති රටක සිරගෙදර ගැන කුමට කියනුද?

එබැවින්, පරෙස්සමට පියවර තියන්න. එළඹෙන්නේ ඔබ වැනි මිනිසුන් කවරදාටත් වඩා අවශ්‍ය වනු ඇති යුගයකි.

මා ගිය එකම සරසවිය සිරගෙදරය. මගේ සිර කුටිය පිරුණේ කඳුළින් හෝ වෛරයෙන් නොව පොත පතිනි.

ඔබටත් සිරගෙදර එවැනි සරසවියක්ම වේවා!

සුනන්ද දේශප්‍රිය | 

SendShareShare
Previous Post

ක්‍රිකට් තරු 2ක් ප්‍රසිද්ධියේම රෙදි ගලව ගනී

Next Post

18ට වැඩි නම් හමුදා පුහුණුවක්!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.