රාජපක්ෂ පවුලේ වැඩිමහල් සහෝදරයා වන චමල් රාජපක්ෂ මහතා සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන දෙදෙනා පසුගිය කාලයේදී දේශපාලන වශයෙන් රාජපක්ෂවරුන් සමග අර්බුදයක් නිර්මාණය කරගෙන සිටි බව පසුගිය අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පෙන්වා දීමට අපි පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ මහින්ද සහ බැසිල් සම්බන්ධ වූ දේශපාලන සිදුවීම් රැසක්ම චමලුත්, ශෂීන්ද්‍රත් මඟහැර සිටි බවකි. එමෙන්ම ශෂීන්ද්‍ර රාජපක්ෂ පවුලට කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමීපව සිටින බවත් එහිදී අපි පෙන්වා දුන්නෙමු. ඒ සමීප වීම කොතෙක්ද කියනවා නම් වරක් මහින්ද විසින් ශෂීන්ද්‍රව දේශපාලන වශයෙන් භෞතීස්ම කරමින් පලඳවනු ලැබූ කුරහන් සාටකය නොමැතිව ටයි කෝට් හැඳ ශෂීන්ද්‍ර පාර්ලිමේන්තු පැමිණි බවක්ද අපි ඡායාරූප සහිතව පෙන්වා දුන්නෙමු.
කෙසේ වෙතත් මේ වන විට අපට දැනගන්නට ලැබී ඇත්තේ ශෂීන්ද්‍ර නැවතත් ටයි කෝට් අතහැර සුපුරුදු කුරහන් සාටකය පැලඳ පාර්ලිමේන්තු පැමිණෙන බවකි. ඒ, ජනාධිපතිවරයා සමග හිත් අමනාපයක් නිසාද, එසේත් නැතිනම් නැවතත් රාජපක්ෂ පවුල සමග එකතු වී ගමනක් යන්නට තීරණය කර ඇති නිසාදැයි කියන්න දන්නේ නැත.
මුලු කතාවම කියවන්න මෙතැනින් පිවිසෙන්න.










