අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කළ යුතු බවත්, එසේ නොවීම සම්බන්ධයෙන් කනගාටු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේය.
අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මැතිතුමා
සන්ධානයක් ලෙස සන්ධාන පක්ෂ හැටියට අපි ඉතාම අවංක ගමනක් ඇවිත් තියෙන්නේ. අපේ පක්ෂයේ යටි අරමුණක් කිසිවක් කවදාවත් තියෙලා නෑ. පසුගිය දිනවල ඇතිවු සම්බන්ධ වලදි අපි ඇත්ත වශයෙන්ම අදාළ පාර්ශවයන් ගැන කනගාටුව ප්‍රකාශ කරයි කියලා. එසේ සිදු නොවීම අපි දුක් වෙනවා ඒකට. මේ රටට දියුණු කරලා නව බලාපොරොත්තුවක් තබපු මේ 69 ලක්ෂයගේ සහ ඉතිරි ඡන්දායකයින්ට බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට ඇප කැපවෙනවා. අපේ පුද්ගලික බලලෝභිකමවලින් යන න්‍යාය පත්‍රයක් නෙවේ. මේ රට වෙනුවෙන් හා රටේ ජනතාවට ඉටුකර දෙන න්‍යාය පත්‍රයක් ලෙස. මේ ජනතාවට පොරොන්දු වූ බලාපොරොත්තු සියලු දේ ඉෂ්ඨ කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියටත් ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂයත් ඇප කැප සිටිනවා ජනතාව ඉදිරියේ සපත කරනවා.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මැතිතුමා
අපේ සන්ධානය තුළ මත ගැටුම් ඇති වීම් අමුතු දෙයක් නෙවේ. පසුවිපරමක් ගන්නවානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භය අපි මතක් කල යුතුයි. විවිධ අභියෝගවලට මුහුණ දිලයි පක්ෂය පිහිටුවන්න පුළුන් වුණේ. ප්‍රබල මතයක් ඉදිරිපත් වුණා අලුත් පක්ෂයකට අවශ්‍යතාවයක් නෑ කියලා. ඒකාබද්ධ විරුද්ධ පක්ෂයක් ප්‍රමාණවත්. එදා පැවතුණු යහපාලන රජයට විරුද්ධව ප්‍රබල වැඩපිළිවෙලක් පාර්ලිමේන්තුවෙන් ඇතුළත හා පිට ගෙනයාම සඳහා ඒකාබද්ධ විපක්ෂයක් ප්‍රමාණවත් මතය පුන පුනා ගෙන ගියා. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විශාල මෙහෙයක් දක්වලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බිහි කළේ. එතුමා ඒක කළේ පැහැදිලි ප්‍රතිපත්තියක් මත පිහිටලා. අපට නිවහනක් අවශ්‍යයි. එතන හිඩසක් තියෙනවා. ඒ හිඩස පිරවීම අවශ්‍යයයි කියලා ස්ථාවරය මත ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා අපේ පක්ෂය බිහිකිරීමට දැඩි උත්සහයක් දැරුවේය. මාස 15 ක් තුළ පලාත් පාලන මැතිවරණය පැවැත්වුණා. ඒක ප්‍රාතිහාරක් වුණා. දීප ව්‍යාප්ත මට්ටමින් කොට්ඨාශ 71% ජයග්‍රහණය කිරීම අලුත් පක්ෂයට හැකි වුණා. ඊයේ මවුබිම පත්තරේ සිතියමේ තිබ්බා මුළු රටම වෙලාගෙන තියෙනවා. මාස 15 ක් පක්ෂය බිහිවෙලා. මේ ජයග්‍රහාණයේ පරිමාණය ලෝකයම දැක්කා. එය ප්‍රාතිහාරයක් ආසියාවේ මෙන්ම ලෝකයේ මේ වගේ විශාල ජයග්‍රහණයක් ලබා ගත්තේ නෑ කියලා. ශ්‍රී ලංකා දේශපාලනය සම්පූර්ණ වෙනසක්. රටේ ප්‍රබලම දේශපාලන බලවේග හැටියට නව දේශපාලන පක්ෂය කරලියට පිවිසුණා. අපේ සිතේ මෙවා තියා ගන්න ඕන. මත ගැටුම් විවිධ මතවාද අපේ සන්ධානයේ දිගින් දිගටම තිබ්බා කියලා මම පෞද්ගලිකව දන්නවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදි ඡන්ද කොට්ඨාසවල අපේක්ෂයන් සංඛ්‍යාව තීරණය කිරීම අතිශය දුෂ්කර වුණා. විවිධ මත ප්‍රකාශ වුණා. මේ සියලුම ගැටුම් පක්ෂය හා අභ්‍යන්තරව සාකච්ඡා කරලා සුහඳව විසදා ගැනීමට අපිට හැකි වූණා. ඒ සම්ප්‍රධාය දිගින් දිගටම තිබ්බා. ශ්‍රී ලංකා අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනය ඇතුලත් වෙද්දි ඒ වගේ ත්තවයක් මතු වුණා. සමහර අවස්ථාවලදි තියුණු මත ගැටුම් සන්ධානය තුළ ඇති වුණා. ඒවා සාකච්ඡා මාර්ගයෙන් එකඟත්වයට පැමිණිමට අපි හැකි වුණා. අනාගතයේදී අපි කටයුතු මෙහෙයවීමට බලාපොරොත්තු වන්නේ ඒ විදිහට. මේ සියලු දෙනාම දේශපාලන අත්දැකීම්වලින් පිරිපුන් පුද්ගලයන්. එමනිසා ඒ විදිහට සාර්ථකව ගෙනියන් අපිට පුළුවන් කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. සියලු දෙනාම අනිවාර්යෙන් පිළිගන්නවා අවනත වෙනවා කැබිනට් මණ්ඩලය හා රජය තුළ සාමුහික වගකීම කියන ප්‍රතිපත්තිය අපි අවිවාදයෙන් පිළිගන්නවා. එක රජයක් කියන්නේ අනිවාර්යෙන් එක හඬක්. පරස්පර ස්ථාවරයක් රජය තුළ මතු වන්න බෑ. කැබිනට් මණ්ඩලය යම්කිසි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තිරණයක් ගත්විට. මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරොත් දුර්විපාක රාශියක් ක්ෂේත්‍ර කිහිපයක අනිවාර්යෙන් උත්ගත වෙනවා. ආයෝජකයින් අධෛර්වත්වීම වලක් වන්න බෑ. එකෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් ඇති වෙනවා. ඒ වගේම විදේශ සම්බන්ධතතා පිළිබඳ ව්‍යාකූලතාවයක් ඇති වෙනවා මේ තත්වය තුළ. එකේ ශ්‍රී ලංකා රජයට විශේෂයෙන් අහිතකරයි. තව සතිය තුළයි. එන සතියේ ජිනිවා කවුන්සිලයේ න්‍යාය පත්‍රය ඇතුලත් වෙනවා. අභ්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ දුර්වල විරුද්ධ පක්ෂය තමයි අද තියෙන්නේ. පාක්ෂිකයන්ගේ සිත්තුළ දෙගිඩියාවක් තුළින් කිසිම වාසියක් විපක්ෂයට ලබා දීම කොහෙත්ම අවශ්‍ය නෑ. මෙවන් තත්වය තුළ විනය තීරණාත්මක වැදගත්කමින් යුක්ත වෙනවා. අපේ සන්ධානය තුළ මෙවැනි ප්‍රශ්නවලට සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට යන්ත්‍රණයක් තියෙනවා. ඒ යන්ත්‍රණය පාවිච්චි වෙනවා විවිධ කාර්යයන් සඳහා. ජිනිවා කවුන්සිලය ඉදිරියේ ශ්‍රී ලංකා රජය ස්ථාවරය පිළිබඳ පසුගිය සති දෙක තුළ අවස්ථාවන් කිහිපයකදි සන්ධානය නායකයන් සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා සාකච්ඡාවට සහභාගි වුණා. ඒකඟත්වයට පැමිණෙමින් තියෙනවා. අද දවලුත් ඒ වගේ සාකච්ඡාවක් තියෙනවා. ගෙදර ගිනි පිටතට ගෙනියන්න කිසිම අවශ්‍ය නෑ. මෙවැනි ප්‍රශ්න සාර්ථකව විසඳන්න පූළුවන් වුණා කිසිම බලයක් නැති අවස්ථාවලදි. ඒ එකමුතුකම මැනවින් රැක ගැනීමට අපට පුළුවන් වුණා. දැන් තියෙන්නේ හාත්පසම වෙනස් තත්වයක්. ලංකා ඉතිහාසයේ ස්වාධිනවත්වය ලබා ගත් පක්ෂයක්. පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් තියෙන රජයක් .එකතුකම සහයෝගය ද රැක ගන්න පුළුවන් වුණා නම් මේ සා විශාල බලයක් එක්ක අරමුණ ඉෂ්ඨ කර ගැනීම අසිරු කරුණක් විය යුතුයි කියලා. අප සියලු දෙනාගේ සහයෝගය වන්නේ දැඩි ශ්‍රමයකින් අපි හදාගත්ත රජය ආරක්ෂා කිරීමයි.










