සැමන් මාලු ටින් මිලදී ගැනීමේදී සතොස ආයතනයේ විශාල වංචාවක් සිදුව ඇති බවට සේවකයෝ චෝදනා කර සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ ලංකා සතොස ආයතනය වැඩිමිලට මාළු ටින් 75000ක් මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය ලබා දී ඇති බවකි.
ග්‍රෑම් 425 බර මාළුටින් එකක් රුපියල් 620ක මිලකට ලංකා සතොස ආයතනයට ලබාදීමට දේශීය ටින්මාළු නිපදවනන්ගේ සංගමය එකඟතාවය පළකර තිබියදී එම ආයතනය එය ප්‍රතික්ෂේප කර ආනයනික මාළුටින් එකක් රුපියල් 700ක මුදලකට මිලදි ගැනීමට ටෙන්ඩරයකට අනුමැතිය ලබා දී ඇතැයි ද එම සේවකයෝ කියති.
මෙලෙස ආනයනික ටින් 7500ක් වැඩිමිලකට ලබැගැනීමෙන් ලංකා සතොස ආයතනයට අහිමිවන මුදල රුපියල් ලක්ෂ 60කට ආසන්න වන බව ද ඔවුහු පෙන්වා දෙති.










