• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් තන්තිරිමලෙත් යයි! ලක්ෂ 20ක හුස්මක් දීලා බඩු මිල ගැනත් කියයි! (PHOTOS & VIDEO)

October 12, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
සජිත් තන්තිරිමලෙත් යයි! ලක්ෂ 20ක හුස්මක් දීලා බඩු මිල ගැනත් කියයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

ගෑස් මිල, සිමෙන්ති මිල, කිරිපිටි මිල වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල හිතු මනාපෙට අහස උසට ඉහළ යද්දී තමන්ට එම මිල පාලනය කිරීමට නොහැකි යැයි කියන්නට ආණ්ඩුවක් කුමකටදැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) ආණ්ඩුවෙන් ප්‍රශ්න කොට සිටියේය.

මේ ආණ්ඩුවට රට ගොඩනගනවා තබා අඩු තරමේ ආර්ථිකයවත් කළමනාකරණය කර ගැනීමේ කිසිදු හැකියාවක් නැති බව ඉතා හොඳින් ඔප්පු කොට ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ මොහොතේ ජනතාව මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නවලින් ජනතාව මුදාගෙන, ඔවුන්ගේ ජන ජීවිත සුරක්ෂිත කිරීමේ හැකියාව ආණ්ඩුවට නැතිනම් ඒ බව පිළිගෙන වහාම ඉවත් වී, මේ රට ගොඩනැඟිය හැකි කණ්ඩායමකට ඒ වගකීම භාරදෙන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද විපක්ෂ නායකතුමා පැවසීය.

ජනතාවට සියලු ආදායම් මාර්ග අවහිර වී ඇති බවත් ඒ සමගම රටේ මන්දපෝෂණය ඉහළ යමින් පවතින බවත්  පැවසූ විපක්ෂ නායකතුමා රටේ සමස්ත ජනතාවම අන්ත අසරණ අඩියකට වැටී ඇති බවද  පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරනු ලබන සමාජ සත්කාර වැඩසටහනෙහි 31 වන පියවර ලෙස රුපියල් ලක්ෂ විස්සක (රු. 2,000,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබූ අතර එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ අදහස් පළ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දායකත්වයෙන් තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන්නට යෙදෙන කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයට සමගාමීව එහි කටයුතු පිළිබඳව විමසා බැලීමට ද විපක්ෂ නායකතුමා එම විහාරස්ථානයට පැමිණි අතර තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍යපාද තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ඒ පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ඉන් අනතුරුව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක්වූ අතර ඒ මහතා විසින්,

  1. Multiparameter Monitor – රු. 295,000.00
  2. fetal Monitor with recorder – S3 + fetal Heat Doppler- රු.400,000.00
  3. Autoclave – 595,000 x 2 1,190,000.00
  4. Digital BP – 24,500.00
  5. Aneroid – 20,000.00
  6. Surgical Instrument set for Gynecology and Emergency – 70,500.00

යන උපකරණ තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය මංජුල ගුණතිලක මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මීට වසර 13 කට පෙරාතුව අනුරාධපුරයේ පැවති කාර්යාලයක් විවෘත කිරීමේ ජනහමුවකදී ත්‍රස්ත ප්‍රහාරයකට හසුව අභාවප්‍රාප්ත වූ කීර්තිමත් රණවිරු මේජර් ජෙනරාල් ජානක පෙරේරා  මහතා ප්‍රමුඛ විසි නව දෙනකු සිහිපත් කරමින්  පැවැති ගුණානුස්මරණයටද එක්වූ විපක්ෂ නායකතුමා, රෝහල් උපකරණ  පරිත්‍යාගයෙන් ලැබෙන කුසල්, මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු අභාවප්‍රාප්ත වූ පිරිසට ද අනුමෝදනා කළේය. 

මෙම අවස්ථාවට තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍යපාද තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කොට වදාළ අතර, සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර, හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, හිටපු අමාත්‍ය පී හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ, සමගි ජන බලවේගයේ වෘත්තීයවේදී ක්‍රියාකාරිකයෙකු මෙන්ම, ප්‍රකට ලේඛක සහ ව්‍යාපාරික ධනවර්ධන ගුරුගේ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 30 ක් තුල ලක්ෂ 876 ක (රුපියල් 87,634,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.

SendShareShare
Previous Post

කෝටි දෙකේ ජොගින් ට්‍රැක් එකට ආණ්ඩුවයි විපක්ෂයයි මහපාරේ ගහගනී! (VIDEO)

Next Post

මහින්දානන්ද ගැන දයාසිරි කනගාටු වෙයි! කෘෂිකර්මය ගැන එතුමට තියෙන දැනුම තමයි මේ පේන්නේ! තීන්දු ගන්න කලින් ජනාධිපතිතුමත් මේ ගැන හිතන්න ඕනෑ! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.