විල්පත්තු කැලය ආශ්‍රිතව නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටි හමුදා සාමාජිකයන් පිරිසක් හට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙහිදී ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයන් තිදෙනකු මෙම වෙඩිතැබීම සිදු කොට ඇති බව අනාවරණය වී තිබේ.
හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාරයේදී එක් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර අනෙක් දෙදෙනා පළා ගොස් ඇති බව දැනගන්නට ඇත.
තූවාල ලැබූ පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම ආයුධ සන්නද්ධ තිදෙනා දඩයක්කරුවන්ද, එසේත් නැතිනම් ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කොට ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.










