• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වසර 25කින් රට ගොඩගන්න වැඩපිළිවෙළට ජනාධිපති අමෙරිකාවේ උදව් ඉල්ලයි! (PHOTOS)

September 11, 2022
in Exclusive
Reading Time: 10 mins read
A A
වසර 25කින් රට ගොඩගන්න වැඩපිළිවෙළට ජනාධිපති අමෙරිකාවේ උදව් ඉල්ලයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බවත්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය සිය ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර දීමට සහතික වන බවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී සඳහන් කළාය.

වත්මන් ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගනිමින්, යළි ගොඩනැගීමට එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ලබා දෙන බව සමන්තා පවර් මහත්මිය සහතික වූවාය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ විදෙස් වෙළෙඳපොළ පදනම් කරගත් තරඟකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් සහ අපනයන ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සකස් කරන බවයි. ඒ අනුව දකුණු ආසියාවට අග්නිදිග හා නැගෙනහිර ආසියාවට වෙළෙඳපොළ ආර්ථිකය පුළුල් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කර්මාන්ත, කෘෂිකර්මාන්ත සහ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා තාක්ෂණ නවීකරණය සිදු කරන බවත් ඒ ඔස්සේ ද දේශීය කර්මාන්තකරුවා සහ ගොවි ප්‍රජාව නවීන ලෝකයට ගැළපෙන පරිදි තාක්ෂණයෙන් සවිමත් කිරීමට හැකියාව ලැබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2048 වන විට ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත 25 වසරක වැඩසටහන වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත්, පරිපාලනය වෙනුවෙන් පළමු කැබිනට් අත් පොත හඳුන්වාදීමට නියමිත බවත්, ඒ අනුව කැබිනට් මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා පරිපාටින් ස්ථාපිත කර ඇති බවත් පැවසීය.

පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු නැවත සක්‍රීය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වෙනුවෙන් එක්සත් ජනපදයේ ද සහාය අපේක්ෂා කරන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

බැංකු ක්ෂේත්‍රය සාපේක්ෂ දුර්වලතාවයන් සහිතව ගෙන යන අතර එහෙයින් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ක්‍රම කමිටුව, බැංකු හා මූල්‍ය පිළිබඳ කමිටුව ඇතුළත් ආර්ථික කමිටු සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කාරක සභාව නිර්මාණය කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තු අය වැය කාර්යාලයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ පළමු වරට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක පර්යේෂණ සේවාවක් ආරම්භ කරන බව ද පැවසීය.

නව ත්‍රස්ත විරෝධි පනතක් ගෙන ඒමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් සියලු පක්ෂ වෙනුවෙන් ලබා දී ඇති බවත් එසේ සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත් පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශපාලන පක්ෂවලට මුවාවී මෙම කරුණු සදහටම කල් දැමිය නොහැකි බවයි.

හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ සහ වික්ටර් අයිවන් මහතාගේ යෝජනාව පරිදි ජන සභා ක්‍රමය ශක්තිමත් කරමින් බිම් මට්ටමේ ජනතාවගේ අදහස් රටේ ප්‍රතිපත්ති සඳහා දායක කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නියමිත බවත්, එමගින් ග්‍රාම සේවා වසම් 14,000ක ජන සභා 14,000ක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව සමග ඝෘජු සාකච්ඡාවක් ඇති කරගෙන ඇති අතර රැඳවුම් කාලය සහ නෛතික කරුණු සැලකිල්ලට ගනිමින් ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කළ ද, දළදා මාළිගාවට පහරදීමට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ට සහ කරුණු තහවුරු වූ ත්‍රස්තවාදීන්ට ඒ යටතේ කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රැකියා ඉලක්ක කරගත් ප්‍රායෝගික උපාධි වැඩපිළිවෙළක අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ප්‍රජා විශ්වවිද්‍යාල හෝ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල දායකත්වය තමන් අපේක්ෂා කරන බව නියෝජිත පිරිසට පැවසීය.

රටේ මූලික පරිපාලන ඒකක 14,000 දක්වාම දිවෙන ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ වැඩසටහනක් නුදුරේදීම ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති හෙයින්, ගොවීන් සඳහා ඩොලර් මිලියන 40ක් ලබාදීමට පියවර ගැනීම පිළිබඳ සමන්තා පවර් මහත්මියට ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනැමීය.

සහල් සහ වෙනත් බෝග හා ආහාර ද්‍රව්‍යවලින් ස්වයංපෝෂිත රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය සහ නිලධාරීන්ගේ දායක්තවය අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සාර්ථක මහ කන්නයේ වගාවක් වෙනුවෙන් අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින බව ද පැවසිය.

මහ කන්නය අපේ රටේ ප්‍රධාන කන්නය වන හෙයින් එය සාර්ථක කර ගැනීමෙන්, අනතුරුව එළැඹෙන යල කන්නය ද සාර්ථක කර ගත හැකි බවත් ඒ අනුව 2023 සාර්ථක කෘෂි අස්වැන්නකට යොමු කර ගත හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තරුණ තරුණියන්ගේ අදහස්වලට නිසි අවධානයක් යොමු කරමින් පාර්ලිමේන්තු කමිටු සඳහා නියෝජනයක් ලබා දීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වයස අවුරුදු 35ට අඩු තරුණ තරුණියන් පස් දෙනෙකුට එක් කමිටුවක් නියෝජනය කිරීමේ හැකියාව හිමි වේ. ඔවුන්ට ප්‍රධාන වාර්තාව සම්පාදනයට ඝෘජුව දායක විය නොහැකි වුවත් ඒ වෙනුවෙන් අදහස් යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වෙයි. මෙය ලෝකයේ පළමු වතාවට සිදුවන අතර ඒ සඳහා යොවුන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වීමත් පහසුවක් වන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

දූෂණ විරෝධි පනත සක්‍රීය කරමින් කාන්තා සාමානාත්මතාවය සහ සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සම්පාදනයට පියවර ගනිමින් සිටී.

මේ අතර රට තුළ ආන්දෝලනයට ලක්ව ඇති සහ එය පිටුපස සැගවුණු හස්තයක් තිබෙන බව සඳහන් කෙරෙන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශණය වෙනුවෙන් තාක්ෂණික සහ අනෙකුත් සහායන් සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ සහාය ලබා ගැනිමට තමන් කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

ඉඩම් ගැටලු සහ කොපමණ ඉඩම් ප්‍රමාණයක් නිදහස් කරගත හැකි ද යන්න පිළිබඳ සොයා බැලීමටත්, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමටත් ප්‍රතිසංස්කරණ සැලසුම් සමාලෝචනය කඩිනම් කිරීමටත්, උතුරු සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමටත්, ආර්ථිකයේ සුවිශේෂි මර්මස්ථානයක් බවට පත්වන ත්‍රිකුණාමල සංවර්ධන යෝජනා ක්‍රමය සහ ඒ හා බැඳුණු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතින් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙම අවස්ථාවට එක් වූ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධාන පරිපාලක සමන්තා පවර් මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාව සමග ඇති ස්ථාවරය ජනාධිපති ජෝ බයිඩ්න් වෙනුවෙන් තමන් ප්‍රකාශ කරන බවයි.

තමන් ඇතුළු කණ්ඩායම මේ සඳහා සම්බන්ධ වූයේ ජනාධිපතිවරයාට සහ රටේ සමස්ත මහ ජනතාවට එළැඹ ඇති තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උපකාර කිරීම සඳහා බව ද ඇය සඳහන් කළාය. එමෙන්ම ඒ සඳහා හැකියාවක් ජනාධිපතිවරයා සතු බව ද පවර් මහත්මිය පෙන්වා දුන්නාය.

රටේ පෞද්ගලික අංශයේ විභවයන් මුදා හැරීමට පියවර ගත යුතු බවත්, ඒ සඳහා එල්ල වන බාධා අවම කර ගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් විනිවිදභාවයෙන් යුතුව එය සිදු කොට ජනතාවගේ හැකියාවන් සහ විවිධ අංශවල වේගවත් ගමන් මග වෙනුවෙන් අඟුළු හැරීමට කටයුතු කරන්නේ නම් එය ඇදහිය නොහැකි වන බව පවර් මහත්මිය සඳහන් කළාය.

තවත් ඩොලර් මිලියන 60ක ආධාර ශ්‍රී ලංකාවට පිරිනැමීමට කටයුතු කරන බව සඳහන් කළ සමන්තා පවර් මහත්මිය රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සසදා බලන විට එය ඉතා කුඩා ආධාරයක් බව තමන් පිළිගන්නා නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකාව වෙත නව ආයෝජන ලබාදීම සදහා අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින්ටත්, සමස්ත ජනතාවටත් නව ප්‍රවේශයක් සඳහා අවශ්‍ය උත්ප්‍රේරකයක් වීමට තම රට සෑමවිටම කටයුතු කරන බවට සහතික වූවාය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් (Julie Chung), ඇමෙරිකානු සංවර්ධන ආයතනයේ කාර්ය මණ්ඩල ප්‍රධානී සොනාලි කෝදි (Sonali Korde), ආසියානු කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අන්ජලි කවුර් (Anjali Kaur) ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ගේබ්‍රියල් ග්‍රවු (Gabriel Grau) යන මහත්ම මහත්මීහු සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD)
2022-09-11

SendShareShare
Previous Post

මිත්තණියට සමුදෙන්න විලියම්-කේට් හා හැරී-මේගන් ඇවිත්! (VIDEO)

Next Post

ලෝකෙටම රැජිනිය නික්ම යයි…

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.