පැල්මඩුල්ල බඹරබොටුව මාරපන විවිධ සේවා සමූපකාර සමිතියේ කොට්ඨාස නිලවරණය අද පැවැත්වුණු අතර එහි බලය හිමිකර ගැනීමට ද සමගි ජන බලවේගය සමත් විය.
වසර 23 කට පසු පැල්මඩුල්ල සමූපෙ බලය පොහොට්ටුවෙන් ගිලිහීම මෙහිදී දැකගත හැකි විශේෂත්වයක් විය.
ඒ අනුව සමගි ජන බලවේගයෙන් සභිකයින් 65 දෙනෙක් පත් වූ අතර පොහොට්ටුව නියෝජනය කරන පාර්ශවයට හිමි වූයේ සභිකයින් 54 කි.
ඒ අනුව එම කොට්ඨාසයේ බලය හිමිව ඇත්තේ සමගි ජන බලවේගයටයි.
එහි සමගි ජනබලවේගයේ ආසන සංවිධායක සමිත ආටිගල ය.
මේ වන විට දිවයින පුරා පැවති සමුපකාර නිලවරණවලින් පහෙන් හතරකට වැඩි ප්‍රමාණයක බලය හිමිව ඇත්තේ සමගි ජන බලවේගයටයි.










