• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක වාර්තා තියලා: මන්ත්‍රීකමත් නැති කරගෙන: රෝහල් පාසල් හදලා: කොරෝනාවට පැරදුණු කව්ද මේ දොස්තර නෙවිල්

February 16, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ලෝක වාර්තා තියලා: මන්ත්‍රීකමත් නැති කරගෙන: රෝහල් පාසල් හදලා: කොරෝනාවට පැරදුණු කව්ද මේ දොස්තර නෙවිල්
Share on WhatsAppShare on Facebook

ගාලුමුවදොර මහා සාගරය හරහා ගලාගෙන එන සිහිල් සුළං රැලි එක එල්ලේම වදින්නේ, විරාජමානව සිටින පාර්ලිමේන්තුවේ ගල් බිත්ති සහ කුලුනු මතටය. එදා වසර 90කට පෙර 1930 වසරේදී ඉංග්‍රීසීන් විසින් ගොඩනැඟූ මෙම ඓතිහාසික ගොඩනැඟිල්ල අදද මහත්සේ විරාජමානව පවතී. මේ අමරණීය වූ බිම්කඩ ගැන මාගේ මතකයෙහි ඇති සිහිවටනයන් බොහෝය. මා එකල 1980 වසරේදී පාර්ලිමේන්තු වාර්තාකාරයකු වූයේ මා හට අවුරුදු 21ක් වූ වයසේදීය ‘දවස’ පත්තරයට මෙහෙවර කරමින් සිටියදීය. මාත් සමඟ තවත් වැඩිහිටි සහෝදර පත්තරකාරයන් දෙදෙනකුද ‘දවස’ වෙනුවෙන් පාර්ලිමේන්තු මෙහෙවර ඉටු කළේය. එදා කළු – සුදු පත්තර කලාවක් තිබුණු සමයේදී අප පාර්ලිමේන්තුවේ වාර්තාවන් සතියට දින දෙක, තුනක් පුරා එක දිගටම වාර්තා කළේය. සැබෑ ලෙසම එදා පාර්ලිමේන්තුව යනු අතිශය ගෞරවනීය, උතුම් වූ ස්ථානයකි. අද පාර්ලිමේන්තුවත්, එකල පාර්ලිමේන්තුවත් මා දකින්නේ ‘අහස හා පොළොව’ හා සමාන මහා පරතරයක් ඇතිවය.

එදා ගාලුමුවදොර පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටි රට හසුරුවන මිනිසුන් බහුතරයක්ම තම කොන්ද කෙළින් තබාගත් අදීන මිනිසුන්ය. ඔවුන් වංචාකාරයන් හෝ දූෂිතයන්ද නොවීය. මේ මිනිසුන් රැසකගේ මතකය තවද මාගේ මනසින් ගිලිහී නැත. ආර්. ප්‍රේමදාස, සිරිල් මැතිව්, ලලිත් ඇතුලත්මුදලි, ආනන්ද තිස්ස ද අල්විස්, රොනී ද මැල්, ඊ. එල්. බී. හුරුල්ලේ, ගාමිණී දිසානායක යන ආණ්ඩු පක්‍ෂ බලවතුන්ගේ මෙන්ම එකල විරුද්ධ පක්‍ෂ නායක, ඒ අමිර්තලිංගම්, වී. යෝගේස්වරන්, එම්. සිවසිත්තම්පරම්, ආචාර්ය නීලම් තිරුචෙල්වම් වැනි දමිළ නායකයන්ගේද මතකය තවද මාගේ මතකයෙහි ඉතිරිව ඇත. මෙම දේශපාලකයන්ගේ පාර්ලිමේන්තු වාද, විවාද අප එකල පිටු ගණන් ලියා තැබුවේය. එකල පාර්ලිමේන්තුවේ නිතර ප්‍රබල විවාදයන්ට එක්වූ දේශපාලකයන් දෙදෙනකු වූයේ සිරිල් මැතිව් මහතා සහ අමිර්තලිංගම් මහතාය. ජාතික ප්‍රශ්න ගැන ඉංග්‍රීසි බසින් ඇති වූ එම වාදයන් අතිශය ප්‍රබල විය. ආර්. ප්‍රේමදාස මහතාගේ කතාද බොහෝ සවිශක්තිමත් විය.

මෙසේ කාලය කෙමෙන් ගෙවීගෙන යන විටදී 1981 වසරේදී පාර්ලිමේන්තුව තුළ ඇති විශේෂිත සිදුවීමක් උද්ගත විය. එයනම් විරුද්ධ පක්‍ෂ නායක ඒ. අමිර්තලිංගම්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමය. මෙය එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මෙහිදී එම ක්‍රියාවලිය සඳහා එදා එක්තරා තරුණ මන්ත්‍රිවරයකු පෙරමුණ ගෙන ක්‍රියා කළේය. පැහැපත් දේහධාරී සිරුරක් ඇති ඔහු, එකල 46 වැනි වියෙහි පසුවිය. මේ අපූරු මිනිසා කවරෙක්ද? ඔහු දේශපාලකයකු වන්නට පෙර ජීවකයකුව සිටි අතර, හේ නම් දොස්තර නෙවිල් ප්‍රනාන්දුය. එකල පානදුර පැත්තේම ‘හිතහොඳ දොස්තර’ ලෙස නම්දරා සිටියේ මේ අපූරු මිනිසාය. දොස්තර ලෙස සිටින විටදී දේශපාලනය ගැන නොසිතූ ඔහු පසුකාලයක මිනිසාට තවත් මෙහෙවරක් ඉටු කරන්නට දේශපාලකයකු වූයේය. 1977 මහ මැතිවරණයෙන් පානදුර ආසනය ඉහළින්ම දිනාගත් දොස්තර නෙවිල් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය. එතැන් සිට ඉතා ක්‍රියාශීලී මන්ත්‍රිවරයකු වූ ඔහු එදා අමිර්තලිංගම්ට එරෙහිව ගෙනා විශ්වාසභංගය, ලොව ප්‍රථම වතාවට පාර්ලිමේන්තු විපක්‍ෂ නායකවරයකුට ගෙනා ප්‍රථම විශ්වාසභංගය බවට වාර්තාගත විය. එදා පාර්ලිමේන්තුව වාර්තා කළ අපට මෙම සිදුවීමේ මතකය හොඳින් තැන්පත්ව තිබුණේය.

First Teaching Hospital-SAITM Hospital Malabe

දොස්තර නෙවිල් ප්‍රනාන්දු මේ සුවිශේෂී මිනිසා ගැන එදා ගාලුමුවදොර පාර්ලිමේන්තුව තුළින් ඇසුණේ එවැනි වගතුගක්ය. එහෙත් පසුව කාලය ගෙවීයත්ම ඔහු ගැන ලියන්නට ග්‍රන්ථයක්ම මදිවිය. ඒ වුවද මේ අපූරු මිනිසා ගැන මෙයට දින ගණනාවකට පෙරදී අප සවනට වැටුණේ සිතාගත නොහැකි ශෝකබරිත පුවතකි. අද වත්මන් සමාජය ඔහු හඳුන්වන ආකාරයට විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කොවිඩ්-19 මාරාන්තික රෝගය වැලඳීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මියගිය බැව් එම පුවත විය. කොරෝනා යක්ෂයාට ලොව කිසිදු ජගතකු ලොකු මිනිසකු නොවූ අතර, මේ වෛද්‍යවරයාද එම තත්ත්වයටම පත්විය. කොරෝනා රෝගය වැලඳී දින කිහිපයක් යත්ම එම රෝගී තත්ත්වය ඉතා උත්සන්න වීම හේතුවෙන් විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මියගිය බැව් ප්‍රකාශයට පත්විය. එම මරණය සිදුවී හෝරා කිහිපයක් ගතවන්නට මත්තෙන්ම රූපවාහිනියේ දසුන්වලින් දක්නට හැකිවූයේ, වත්මන් සෞඛ්‍ය නීති-රීතිවලට අදාළව දිනයක් ඇතුළත දේහය ආදාහනය කරන ආකාරයය. මහා ගරු සත්කාර සහ බුහුමන් ඇතිව ජීවිත අවසන් ගමනකට හිමිකම් තිබුණු මේ විශේෂිත මිනිසා, ඥාතීන් සහ හිතවතුන් කිහිප දෙනකු පමණක් ඉදිරියේදී අවසන් ගමන් ගියේය.

විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මතා ඉතා දිගු සමාජයීය සහ දේශපාලනික ඉතිහාසයකට හිමිකම් කියන පුද්ගලයෙකි. එහෙත් පසුගිය වසර කිහිපයක් තුළදී ඔහු අප රට තුළ මහත් ප්‍රකටත්වයකට පත්වූයේ, ඔහු විසින් ඉදිකරන ලද නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහල සහ එයට අනුබද්ධ වූ ‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතු කරගෙනය. පසුගිය යහපාලන රජය සමයේදී මෙම රෝහල සහ වෛද්‍ය විද්‍යාලය ආශ්‍රිත කරගෙන ඇති වූයේ මහත් අර්බුදයක් වන අතර, එම තත්ත්වය රට කණපිට පෙරළන මහා ප්‍රශ්නයක් බවටද පත්විය. යම් පාර්ශ්ව කිහිපයක් විසින් ‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා තහනම් කළ යුතු යැයි නැඟූ උද්ඝෝෂණ අතිශය ප්‍රබල වූ අතර, ඒ සඳහා වහාම රජය මැදිහත්විය යුතු යැයිද බලකර කියා සිටියේය. රජයේ වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන් විසින් දියත් කරන ලද මෙම මහා අරගලය දින, සතිවලින් නිම වූයේ නැත. එය මාස ගණන් ගතවී වසර කිහිපයක් දක්වාද දීර්ඝ විය. එහෙත් කෙසේ හෝ කාලය ගතවී යත්ම එම පාර්ශ්ව සටන ජයග්‍රහණය කළේය. එකල රජයටද කළ හැකි දෙයක් නොවීය. රජයද අරගලකාරීන්ගේ පැත්ත ගත්තේය.

මෙම ‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අරගලය ගැන බොහෝ පුවත් ඔබ එකල අසන්නට ඇතිය. ඒ හෙයින් ඒ සියල්ලක්ම මෙහි නැවැත ලියා තැබීම පලක් නොවේ. කෙසේ හෝ එකල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද සුපිරි රෝහලත්, එයට අනුබද්ධ වූ සුපිරි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයත් එක්තරා ආකාරයක අංගසම්පූර්ණ වූ විශේෂිත ව්‍යාපෘතියකි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නා සිසුන්ට සායනික පුහුණු වීම් ලබා ගැනීම උදෙසා රෝහල පවත්වාගෙන යන ලදී. රුසියාවට අනුබද්ධිත වෛද්‍ය විශ්වවිiාල මඟින් වෛi උපාධිය පිරිනැමීමටද කටයුතු යොදා තිබිණි. සිසු, සිසුවියන් 900කට ආසන්න ප්‍රමාණයක් මෙම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියේය. කෙසේ හෝ මෙම සිසුන්ගෙන් බහුතරයක්ම නියමිත සුදුසුකම් ප්‍රමිතියට වඩා ඉතා අඩු අධ්‍යාපනික සුදුසුකම් යටතේ බඳවාගෙන තිබූ බවට එකල චෝදනා ලැබීය. එකල ඒ ගැන විද්වත් මණ්ඩල විසින් සොයාබලා පරීක්‍ෂණ පැවැත්වූ විට ඒ බැව් තහවුරු විය. එනම් රජයේ වෛද්‍ය විද්‍යාලවලට නියමිත අධ්‍යාපනික සුදුසුකම්වලට වඩා ඉතාමත් අඩු සුදුසුකම් මෙම සිසුන් වෙත ඇති බැව් සනාථ විය.

කෙසේ හෝ මෙම තත්ත්වය රට තුළ මහත් අර්බුදයක් ඇති කළේය. රාජ්‍ය වෛද්‍ය පාර්ශ්ව පමණක් නොව පොදු සමාජය තුළද ‘සයිටම්’ වෛද්‍ය විද්‍යා කෙරෙහි යම් ද්වේශයක් ඇති කළේය. රජයේ වෛද්‍ය සිසුන්ට මෙම අරගලය දිගටම ගෙනයෑම සඳහා පොදු සමාජයද සහාය දක්වන්නට විය. විශාල ලෙස ජනතාව මුදල් ආධාර පවා ලබා දුන්නේය. ‘සයිටම්’ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙගන්නා සිසුන්ගේ මවුපියන් සහ හිතවත් පාර්ශ්ව පමණක් හුදකලා සටනක නිරතව සිටියේය. කෙසේ හෝ අවසානයේදී රජය විසින් මෙම රෝහලත්, වෛද්‍ය විද්‍යාලයත් රජයට පවරාගත යුතු යැයි තීරණයකට පැමිණියේය. ඒ සඳහා අවශ්‍ය නිලකෙටුම්පත් සහ නීති, රීතිද සකස් කෙරිණි. මෙවැනි අතිශය අර්බුදකාරී තත්ත්වයක් යටතේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා එකල අතිශ්‍ය, අන්ත අසරණ තත්ත්වයට පත්විය. එහෙත් කිසිවිටකවත් ඔහු සැලුණේ නැත. ඔහු 2017 වසරේ ජූලි මාසයේදී ප්‍රකාශ කර සිටියේ, තමන්ගේ ස්වකැමැත්තෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පිරිනමන බැව්ය. එම උත්සවය 2017 ජූලි 17දා පැවැත්වෙන බවත්, එයට ප්‍රධාන අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වන බවත් ප්‍රකාශ විය.

රුපියල් බිලියන 3කට වැඩි වටිනාකමක් තිබෙන රෝහල් ගොඩනැඟිල්ල එහි උපකරණද සමඟ මෙසේ රජයට පවරන බැව් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු එකල මාධ්‍යයට කියා සිටියේය. එසේම ජූලි 17 වැනිදා සිට එම රෝහලේ කාර්ය මණ්ඩලයටද රජයේ සේවකයන් ලෙස සම්බන්ධ වන බැව්ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. වෛද්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකිරීමට ප්‍රථම එවකට රජය තම රෝහල් සංකීර්ණය රජයට පවරාගත් බවට දෙවරක්ම ප්‍රකාශ නිකුත් කළ බවත්, එය අමූලික අසත්‍යයක් බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු එකල ප්‍රකාශ කර සිටියේය. කෙසේ හෝ එතැන් සිට මෙම අර්බුදය නැවැත 2018 සැප්තැම්බර් 06 දක්වා ඇදී ගියේය. අවසානයේදී රජය නිල වශයෙන් සැප්තැම්බර් 6 වැනිදා ප්‍රකාශයට පත්කළේ, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් (ඇමැති මණ්ඩල) අනුමැතිය හිමිවූ බැව්ය. ඒ අනුව රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු සිදුකෙරුණු අතර, එහි ‘සයිටම්’ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගත් සිසුන් 900ක් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාලයට අනුයුක්ත කරන ලදී. ඒ අනුව අර්බුදය බොහෝ දුරට විසඳිනි.
තමන් දුක් මහන්සියෙන් හදාගත් දරුවකු යමෙකු විසින් පැහැරගෙන ගිය විට ඇති වන වේදනාව කුමක් විය හැකිද? වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාද මේ වන විට පත්ව සිටියේ එවන් ශෝචනීය තත්ත්වයකටය. ඔහුගේ හදවතද මහා ගිනි ජාලාවකට වැටී දැවෙන්නට ඇතැයි එකල සිතිය හැක්කේ, ඔහු වරක් මාධ්‍යයට සිදුකළ ප්‍රකාශයන් අනුවය.

‘පසුගිය යහපාලන රජය මගෙන් පළිගත්තා යැයි මට සිතෙනවා. මම මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටියදී ඔහුට බොහෝ උදව් කළා. ඒ නිසා පසුගිය රජය මගෙන් පළිගත්තා. මේ ගැන දැන් අගමැතිව සිටින මහින්ද රාජපක්‍ෂ මහතාට කරුණු ප්‍රකාශ කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මා සුදුසු දිනයක්ද ඉල්ලා තිබෙනවා. මම කවදාවත් දේශපාලකයන්ට බැලමෙහෙවරකම් කරන්නට ගියේ නැහැ. ඒත් 2015 ජනාධිපතිවරණයේදී මම උදව් කළේ මහින්දට. ඒ නිසා තමයි එකල ආණ්ඩුව සයිටම් වහලා දාලා, මගේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගත්තේ. අන්තිමේදී මම කිසිම ආදායමක් නොලබන පුද්ගලයකු බවට පත්වුණා. රජයට මගේ ආයතන පවරා ගන්නා විට ලැබුණේ ඉතාම අඩු මුදලක්, ඒ වගේම මට තව රජයෙන් මුදල් ලැබෙන්නත් තිබෙනවා.’

විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ ජීවන කතාව සැබෑ ලෙසම මහා ඛේදාන්තයකි. ඔහුගේ එම මෑත යුගයේ ශෝකීය කතාවේ තවත් බොහෝ වගතුග ඇත. ඒවා යමක් ලියා තබන්නට පෙර ඔහුගේ අතීත ජීවිතය දෙස යමක් සොයා බැලීමද වටිනේය. සිරික්කත්තුගේ නෙවිල් ආතර් ප්‍රනාන්දු ඔහුගේ සම්පූර්ණ නාමය වෙයි. පානදුර ප්‍රදේශයේ උපන් ඔහු, පානදුර ශ්‍රී සුමංගල සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ දක්‍ෂ සිසුවකු විය. ඔහු වෛද්‍යවරයකු බවට පත්වූයේ 1957 වසරේදී වන අතර, රජයේ රෝහල් කිහිපයකම සේවය කළේය. පසුව ඔහු 1970 දශකයේදී පානදුර බස් නැවැතුම්පොළ අසල ගොඩනැඟිල්ලකදී තමන්ගේ පෞද්ගලික බෙහෙත් ශාලාව ආරම්භ කළේය. දැනුමෙන් මෙන්ම, තම අත්ගුණයෙන්ද රෝග සුවපත් කළ හැකි වාසනාවක් තිබුණු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පානදුර ජනතාව අතර හත් ප්‍රකටත්වයට සහ ගෞරවයට පාත්‍රවිය. එසේම ඔහු ජනතාව අතර ඉතාමත් ප්‍රියමනාප පුද්ගලයකු බවටද පත්විය. රෝගීන්ට බොහෝ කරුණාවෙන් ප්‍රතිකාර කිරීම ඔහු තවතවත් ජනප්‍රියත්වයට පත්කළේය.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයත්, සැබෑ සංක්‍රාන්තියත් ඇරැඹෙන්නේ මෙතැන් සිටය. එනම් මෙකල පානදුර යනු දේශපාලනික වශයෙන් අතිශය ප්‍රබල සමසමාජ පක්‍ෂ බලකොටුවකි. ලෙස්ලි ගුණවර්ධන නමැති ප්‍රබල රතු නායකයා දීර්ඝ කාලයක් පුරා පානදුර මන්ත්‍රීවරයා විය. ඔහු පරාජය කරන්නට කිසිවකුත් සමත් නොවීය. මෙසේ කාලය ගෙවී යත්ම 1977 මහ මැතිවරණය පැමිණියේය. පානදුර ප්‍රදේශයේ බොහෝ ජනයා ‘හිතහොඳ දොස්තර’ නොහොත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගෙන් ඉල්ලා සිටියේ මැතිවරණයට තරග කරන ලෙසය. කෙසේ හෝ ‘හිතහොඳ දොස්තර’ ළඟද දේශපාලනික රුචියක් තිබුණේය. ඔහු එක්සත් ජාතික පක්‍ෂයෙන් පානදුර ආසනයට තරග කිරීමට තීරණය කළේය. පානදුර බස් නැවැතුම්පොළ අසල වසර 20ක් පුරා තම බෙහෙත් ශාලාව පවත්වාගෙන ගිය හෙයින්, ඔහු නොහඳුනන කෙනකු එම හතරමායිමේ නොවීය. ඡන්දය පවත්වා අවසන් වුණේය. පානදුර රතු බලකොටුව සුනුවිසුනු වී තිබිණි. ‘හිතහොඳ දොස්තර’ වැඩි ඡන්ද 10,000කින් ජයග්‍රහණය කර පානදුර මන්ත්‍රිවරයා බවට පත්විය.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ දේශපාලන ජීවිතය බොහෝ දිගු වගතුගක් ඇති එකකි. ඒවා සියල්ලක් ලියා තබන්නට මෙහි ඉඩකඩක් නැත. එහෙත් තවත් වැදගත් කරුණු කිහිපයක් පමණක් සඳහන් කර තබමි. ඔහු පානදුර මන්ත්‍රිවරයා සිටි සමයේදී පානදුරට සිදුකළ මෙහෙය අතිවිශාලය. කේතුමතී කාන්තා රෝහල, පානදුර අගමැති බාලිකා විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය, මෝදරවිල කර්මාන්ත පුරවරය යන සුවිශාල ව්‍යාපෘති රැසක් ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදුකළ ඒවාය. නෙවිල් ප්‍රනාන්දු මහතාගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීමක් ලෙස වාර්තා වන්නේ, ඔහු එවකට හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ අර්බුදයකට පැටලීමය. එකල එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය විසින් හමුදා සෙබළුන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කළ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට අභියෝග කර කියා සිටියේ, ජනපතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙසය. මෙම අර්බුදය ඉතා දුරදිග ගිය අතර, වෛද්‍යවරයා එක්සත් ජාතික පක්‍ෂයද දැඩි ලෙස විවේචනය කළේය. අවසානයේදී ඇති වූ ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්‍ෂය විසින් නෙවිල් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමය. එහෙත් පසුව ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බැඳිණි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සයිටම් වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමෙන් පසු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මාධ්‍යයට සිදුකළ ප්‍රකාශයන් ඉතිහාසගතවනු ඇතිය.

‘මගේ කොළඹ තිබුණු ආශා සෙන්ට්‍රල් රෝහල මම 2007 වසරේදී රුපියල් කෝටි 180කට ‘සොෆ්ට්ලොජික්’ සමාගමට විකුණුවා. පසුව 2009 දී මම ඒ මුදල් යොදවලා මාලබේ ‘සයිටම්’ විද්‍යාලය ගොඩනැඟුවා. ඊට පස්සේ රුපියල් කෝටි 350ක ණයක් අරගෙන නෙවිල් ප්‍රනාන්දු රෝහල හැදුවා. පසුගිය රජය මට ඇති කළ අර්බුදයත් සමඟ මම ‘සයිටම්’ ගොඩනැඟිල්ල රුපියල් මිලියන 1000කට (කෝටි 100ක්) විකුණුවා. ඉස්පිරිතාලේ රජයට පවරා ගත්තා. ඒක හදන්න ගත්ත ණය කෝටි 100ක් ළමයින්ගේ පාඨමාලා සල්ලිවලින් ගෙව්වා. ඉතිරි කෝටි 250 මම ආණ්ඩුවට ගෙවිය යුතුයි. ඒත් ඉස්පිරිතාලේ ආණ්ඩුවට ගත්ත මුදලට අනුව මට ආණ්ඩුවෙන් රුපියල් කෝටි 100ක් ලැබිය යුතුයි. මම දැන් නිකම්ම ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක අවන්හලක් සහ බේකරියක්. මම මේ ව්‍යාපාරය දැනට ඉතාමත් සාර්ථකව, සතුටින් කරගෙන ඉන්නවා. මගේ සයිටම් විද්‍යාලයේ ළමයින්ට පත්වීම් ලැබීම ගැන මම හරිම සතුටෙන් ඉන්නේ. ඒ අය ලංකාවේ හොඳම වෛද්‍යවරු වෙනවා. ඒක සහතිකයි.’ යැයි ඔහු පවසා තිබුණේ කලකිරීම මුසුවූ සතුටකිනි. කෙසේ හෝ මේ සියලු සම්පත් අත්හළ මෙම සුවිශේෂී මිනිසා ‘කොරෝනා මාරයා’ සමඟ නොඑන ගමන් ගියේය. බුදුදහම ඇත්තේ එතැනය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොරෝනා මරණ 400 පනී

Next Post

ක්‍රීඩකයන්ට මොළේ දෙන්න අපිට බෑ: ක්‍රිකට් වැටුණු හැටි ක්‍රිකට් ලොක්කා හෙළිකරයි

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.