ලෝක සෞඛ්‍ය සංවිධානය WHO මගින් අනුමත කරනු ලබන එන්නත් මුළු මහත් ලෝකවාසීන්ම කිසිම බියක් නැතිව එන්නත් කිරීමට පෙළඹෙන බව දක්නට ලැබෙනවා. WHO සංවිධානය අනුමත කළත් සමහර අවස්ථාවලදී කොවිඩ් 19 වෛරසය මැඬලීමට එන්නත අසමත් වන අවස්ථාද තිබේ. කොවිඩ් 19 වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන එන්නත් නිපදවීම සඳහා ගතවූයේ ඉතාම කෙටි කාලයකි.
එක එක නම්වලින් ජනතාවට ලැබෙන එන්නත් ගැන ජනතාව තුළ ඇත්තේ යම් සැකයක් වගේම බියකි. එන්නතක් නිපදවීම සඳහා ලෝක විද්‍යඥයන්ට ඉතා දිගු කාලයක් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය වෙනවා. නමුත් කොරෝනා රෝගයේ ව්‍යාප්තිය නිසා පරීක්ෂණ පැවැත්වීමට එහෙම කාලයක් නැති බව අපි දන්නවා. එන්නතකින් කෙරෙන්නේ බොහෝ විට වෛරසයක් අසාදනයකට රෝගයකට එරෙහිව සටන් කිරීමක් නොවේද? බොහෝ දෙනාට ප්‍රතිශක්තිකරණය කොපමණ කලක් පවතීද යන්න සම්බන්ධයෙන්ද ගැටලු පවතී. නමුත් පසුගියදා කොවිඩ් 19 වෛරසයකට එරෙහිව නිෂ්පාදනය කළ ෆයිසර් එන්නත් දෙකම ලබාගෙන ටික දවසක් ගතවූ පසු කොරෝනා වැළඳී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි රූට්ජර්ස් සරසවියේ මහාචාර්ය වෛද්‍ය රාජේන්ද්‍ර කපිල මහතා අවසන් ගමන් ගියා. ඔහු ජීවිතක්ෂයට පත් වූයේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන්.
ඔහු බොහෝ කාලයක් තිස්සේ රූට්ජර්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් දහස් ගණනකගේ නැණස පාදන්නට දායක වුණා. මාට්ලන්ඩ් සරසවිය සහ සහ මාට්ලන්ඩ් රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ලෙසද සේවය කලේය. එමෙන්ම කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඒන්නත් සොයාගැනීමට පසුගිය වසර පුරා පරික්ෂණ පැවැත්වීමටද ඔහුගේ ශ්‍රම දායකත්වය ලබාදුන්නා. ඇමරිකා එක්සත් ජනපදය ඔහුව හඳුන්වන්නේ මැණිකක් ලෙසයි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වුවත් තමන්ගේ ඥාතින් වෙසෙන ඉන්දියාවට පැමිණෙන්නේ වියපත්ව සිටින ඥාතින් දැකබලා ගැනීමටයි. බොහෝ දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසුව විදෙස්ගතවන්නේ ප්‍රතිශක්තිකරණයක් ඇතිව යැයි විශ්වාසයෙනි. ඔහුද කිසිදු චකිතයක් නොමැතිව ඉන්දියාවට පැමිණෙන්නට ඇත්තේ එන්නතෙන් ඔහුට පූර්ණ ආරක්ෂාව ලැබී ඇතැයි යන විශ්වාසය මත විය හැකිය.
එහෙත් ඔහු නොසිතූ මොහොතක කොරෝනා මාරයාට බිලිවන්නේ එන්නත් කරගෙන තිබියදීය. නැවත ඔහු ජීවත්වන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්වීමට සතිදෙකක් තිබියදීය. ඔහු ජීවිතක්ෂයට පත්වුණේ ඉන්දියාවේ ශාන්ති මුකුන්ඩ් රෝහලේදීය. .
වෛද්‍ය රාජේන්ද්‍ර කපිල මහතා පිළිබඳ නිව් ජර්සි විශ්වවිද්‍යාල වෛද්‍ය අංශයේ මහාචාර්ය සහ සභාපති වෛද්‍ය මාක් ක්ලැෆෝල්ස් මහතා පහත සඳහන් සටහන තබා තිබේ.
“ඔහු බෝවන රෝග (ඒඩ්ස් ඇතුළුව) පිළිබඳ දැවැන්තයකු ලෙස ක්‍රියා කළේය. රෝග හඳුනාගෙන ප්‍රතිකාර කිරීමේදී ඔහුගේ දැනුම හා අසාමාන්‍ය සායනික බුද්ධිය වඩාත් ඵලදායී අන්දමින් යොදාගත්තා. ලොව පුරා ඔහුගේ කීර්ති නාමය රැගෙන ගියා වගේම සේවය අගය කළා. ඔහු සිදුකළ ඒ මෙහෙයට ස්තුතිය පළකර සිටින අතර පවුලේ සියල්ලන් වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශ කරමු. ඔහු සිසු දූ දරුවන් විශාල පිරිසකගේ නැණස පාදන්නට මෙහෙයක් කළා සේම විශාල ජනතාවකගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කළ සේවයට හිසනමා අචාර කරමු.”
වෛද්‍ය කපිල රාජේන්ද්‍ර මහතා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටියත් ඔහු අවසානයේ ජීවිතක්ෂයට පත්වන්නේ කොරෝනා මාරයාට ගොදුරුවීමෙනි.
එන්නතක් ලබාගත් පමණින් මුළු වෛරසයම මිය නොයන බව අපට මෙයින් තහවුරු නොවන්නේද? අපට බොහෝ විට මෙම එන්නත් ලබාගත් පමණින් අවදානමක් නොමැති බව කිසි සේත් තහවුරු කළ නොහැක. එන්නතක් ලබාගත්තත් කොවිඩ් 19 වෛරසය අසාදනය විය හැකිය. අප එදිනෙදා සෞඛ්‍ය පුරුදු ඒ අකාරයෙන්ම රැකගෙන ක්‍රියාත්මක නොකරනවා නම් තවදුරටත් මේ වෛරසය වැළඳීමේ අවදානම පවතී. වෛරසය 100%ක් මියයන්නේ ඉතාම කලාතුරකින් බව අපට තහවුරු වනවා. අප කොරෝනා වෛරසය වෙනුවෙන් එදිනෙදා පිළිපදින (ශාරිරික දුරස්ථභාවය, අත් සේදීම, මුහුණු ආවරණ පැළඳීම ආදිය) කරුණු එලෙසම රැකිය යුතුයි. අපේ ආරක්ෂාව අපම සලසා ගතයුතු බව මෙමගින් තවදුරටත් තහවුරු වේ.
නිලන්ති රේණුකා










