• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙටම එකයි: ඒකත් ඉවරයි: ගහ බේරගන්න දේවානිලාට පුළුවන් වෙයිද?

February 15, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ලෝකෙටම එකයි: ඒකත් ඉවරයි: ගහ බේරගන්න දේවානිලාට පුළුවන් වෙයිද?
Share on WhatsAppShare on Facebook

ගම්පහ දාරලුව ප්‍රදේශයේ පිහිටා ඇති කෲඩියා සිලනිකා (Crudia Zeylanica) හෙවත් පණු කරඳ ශාකය මේ වන විට බොහෝ දෙනාගේ අවධානය දිනා ගෙන ඇත. ඒ ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති එවැනි ආකාරයේ පැරැණිම සහ එකම ශාකය අධිවේගී මාර්ගය ඉදි කිරීම වෙනුවෙන් කපා දැමීමට නියමිතව ඇතැයි තොරතුරු වාර්තා වීමත් සමඟය.
පසුගිය වසර වන තුරුම වාර්තා වී තිබුණේ කෲඩියා සිලිනිකා හෙවත් පණු කරඳ යනු ලෝකයෙන් වඳ වී ගිය ශාකයක් ලෙසිනි. නමුත් පසුගිය වසරේදී සිදු කළ අධිවේගී මාර්ගය ඉදිකිරීම හා සම්බන්ධ පරිසර අධ්‍යයනයකදී හිමේෂ ඩිල්රුවන් ජයසිංහ නැමැති පරිසරවේදියා නැවත එම ශාකය සොයා ගැනීමත් සමඟ ලෝකයේ මතය වෙනස් විය.

එතැන් පටන් මෙම ශාකය රැක ගනිමින් අධිවේගී මාර්ගය ඉදි කළ යුතුය යන්න බොහෝ දෙනාගේ මතය විය. ඒ වෙනුවෙන් විවිධ ක්‍රියා මාර්ග රැසක්ද යෝජනා විය. ඒ අතර ප්‍රධාන වූයේ මෙම ගස රැගෙන ගොස් මුතුරාජවෙල ප්‍රදේශයේ නැවත සිටුවීමය.

කෙසේ නමුත් පසුගිය වසරේදී මෙම ගස පිළිබඳව ඇති වූ උනන්දුව කොවිඩ් වසංගතයත් සමඟ යට ගොස් තිබිණි. එය නැවත වරක් මතුව ආවේ එම වටිනා ශාකය පිහිටි ප්‍රදේශය ඩෝසර් කිරීමට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් බාරව සිටින සමාගම හදිසියේ පියවර ගැනීමත් සමඟිනි. එම සමාගම් සේවකයන් විසින් කෲඩියා සිලනිකා ශාකය ආසන්නයටම ඩෝසර් කිරීම සිදු කර තිබුණු අතර ඒ අවස්ථාවේදී එතැනට පැමිණි ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මියගේ මැදිහත් වීම මත එම ගස බේරා ගැනීමට හැකියාව ලැබිණි.

ඒ අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ජයතිලක මහත්මිය ප්‍රකාශ කළේ තමන් නොපැමිණියේ නම් එම සේවයකන් කෲඩියා සිලනිකා ගස පිහිටි ප්‍රදේශයද ඩෝසර් කරන බවය.

“මට නම් තේරෙන්නේ නැහැ මොනවා කරනවද කියලා. දැන් ඒ ගොල්ලෝ කියනවා එහාට ඩෝසර් කරන්නේ නැහැ කියලා. මම ආවේ නැත්නම් ඔක්කෝම ඩෝසර් කරනවා. මම ඇවිල්ලා නැවැත්තුවේ. මේ පරිසර පද්ධතිය කොච්චර විනාශ කරලද කියලා වටේ බැලුවම පේනවා. මෙතැන වටිනාකම තියෙන්නේ මේ ගහේ විතරක් නෙවෙයි. මේ පරිසර පද්ධතියම වටිනවා. මේ වගේ පරිසර පද්ධතියක් නැවත නිර්මාණය කරන්න අපිට බැහැ.

ඒ වගේම මේ ගහ මෙතැනින් ගිහින් වෙනත් තැනක සිටුවන්න පුළුවන් තාක්ෂණයක් ලංකාවේ තියෙනවද කියන එක ප්‍රශ්නයක්. එහෙම ගෙනියද්දි මේක මැරෙයිද මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. එහෙම ගෙනියන්න අවශ්‍ය වන ආරක්ෂිත කලාපයත් මේ වෙද්දි විනාශ කරලා. මේ වෙනකම් අපිට ඒ ගැන කිසිම දැනුවත් කිරීමක් කරලා නැහැ. මම දන්න තරමින් අපි හිටිය හැම රැස්වීමකදිම තීරණය වුණේ පාර වෙනස් කරලා මේ පද්ධතිය රැක ගන්න ඕනෑ කියන එක.”
ගම්පහ දිසා වන නිලධාරිනිය අදහස් දැක්වූයේ එසේය.

දේවානි ජයතිලක මහත්මිය පසුගිය කාලය පුරාම පරිසරය රැක ගැනීම සම්බන්ධ බොහෝ ප්‍රශ්නවලදී කතාබහට ලක් වූ තැනැත්තියකි. තම රාජකාරිය අකුරටම ඉටු කරන ගෞරවාන්විත රාජ්‍ය සේවිකාවක ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසරයට ළැදි බොහෝ දෙනා ඇය ගැන දැන ගත්තේ මීතිරිගල රක්ෂිතය රැක ගැනීම වෙනුවෙන් ගෙන ගිය ක්‍රියාමාර්ගයේදීය.

නමුත් ඇය පිළිබඳව රටම දැන ගත්තේ මීගමුව කලපුවේ ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සම්බන්ධයෙන් පැවැති රැස්වීමේදීය. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාද සහභාගි වූ එම රැස්වීමේදී එම කලපු ප්‍රදේශය විනාශ කිරීමට එරෙහිව ඇය දැඩිව අදහස් පළ කළ අතර “ඔක්සිජන් කන්නදැයි” යනුවෙන් එම අවස්ථාවට පැමිණි පුද්ගලයෙකු ඇයගෙන් විමසුවේ එම අවස්ථාවේදීය.

ඉන්පසුවද ගම්පහ දිස්ත්‍රික්කයේ මෙන්ම ශ්‍රී ලංකාවේ බොහෝ පාරිසරික ප්‍රශ්න සඳහා ඇය මැදිහත්වන ආකාරයද දැක ගත හැකි විය. එක් අවස්ථාවක ඇය ප්‍රකාශ කර සිටියේ සිංහරාජ වනාන්තරයට පවරා ගන්නා ඉඩම් වෙනුවෙන් තමාගේ නමට කෑගල්ලේ පිහිටි එකම ඉඩම ලබා දීමට සූදානම් බවය.

දාරලුව ප්‍රදේශයේ පිහිටි කෲඩියා සිලනිකා ශාකය පිහිටි ප්‍රදේශය ඩෝසර් කිරීම වැළැක්වීම සඳහා ඇය මැදිහත් වූ ආකාරයද බොහෝ දෙනාගේ ප්‍රශංසාව හිමි විය. එම දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ බොහෝ දෙනකු එම ගස දැක බලා ගැනීම සඳහා යන ආකාරයද දැක ගත හැකි විය. ප්‍රදේශවාසීන් තුළද ඒ පිළිබඳ වූ උනන්දුව තවත් වැඩි වුණු ආකාරයද පෙනෙන්නට විය.

මේ අතර තම රාජකාරිය දේවකාරිය සේ සලසමින් දේවානි ජයතිලක නම් රාජ්‍ය නිලධාරිනිය ගත් ක්‍රියා මාර්ගය හෑල්ලුවට ලක් කිරීමට ගන්නා උත්සාහයක්ද දැක ගත හැකි විය. ඒ අතරට වනජීවී අමාත්‍ය සී. බී. රත්නායක මහතාද එකතු වීම කනගාටුවට කරුණකි. ඒ දේවානි ජයතිලක මහත්මියට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති දැයි පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වනජීවී ඇමැතිවරයා ප්‍රකාශ කළේ තම ප්‍රතිරූපය ගොඩනඟා ගැනීම සඳහා ඇතැම් රාජ්‍ය නිලධාරීන් උම්මත්තක ආකාරයෙන් හැසිරෙන බවය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වනජීවී අමාත්‍යාංශයේ ලේකම්වරයාද ප්‍රකාශ කර තිබුණේ දේවානි තමන්ට අයත් නැති වැඩවලට ඇඟිලි ගසනා බවය. එමෙන්ම ඇයට මේ වන විට මාධ්‍ය වාරණයක් පනවා ඇති බවද දැන ගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ බොහෝ දෙනකු ප්‍රකාශ කර තිබුණේ දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන් ගන්නා ලද ඉක්මන් පියවර මේ සුවිශේෂී ශාකය රැක ගැනීම වෙනුවෙන් ගත්තේ නම් මේ ප්‍රශ්නය මෙතරම් දුර දිග නොයන බවය. එමෙන්ම මෙම ගෞරවාන්විත රාජ්‍ය සේවිකාව වෙනුවෙන් හඬ නැගීමට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනකු ඉදරිපත් වී සිටි ආකාරයද පෙනෙන්නට ඇත.

මේ අතර පසුගියදා ඒ වෙත ගිය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් එම ගස සසුන් ගත කරන ආකාරයද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. බෞද්ධ සමාජයේ මතය වන්නේ සසුන් ගත කරන ලද වස්තුවක් විනාශ කිරීම බරපතළ පාපයක් වන බවය. නමුත් එම සිදුවීමෙන් පසු එම ශාකයේ කොළ කැඩීම සඳහා ගොස් සිටි පුද්ගලයෙකු අල්ලා ගැනීමටද ප්‍රදේශවාසීන් සමත් වී තිබිණි. මේ කරුණු කාරණා මත මොන යම් හෝ ආකාරයකින් මේ ගස මරා දැමීමේ උත්සාහයක් පවතීදැයි යන සැකයද මේ වන විට ප්‍රදේශවාසීන් අතර ඇතිවී ඇත. දිව රෑ පුරා මේ වටිනා ගස රැක ගැනීමට ඔවුන් වෙහෙස වන්නේ ඒ නිසාය. මෙතරම් වටිනා ශාකයක් විනාශ කිරීම පමණක් නොව අවංක රාජ්‍ය නිලධාරිනියකගේ ගෞරවය නැති කිරීමද බලවත් පාපයක් වන බවද මෙහිදී මතක් කළ යුතුය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ජනපති දරුවොත් එක්ක පැල සිටුවයි

Next Post

කොරෝනා හැදී දකුණේ නාගරික මන්ත්‍රී මියයයි

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.