කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.
එම නෞකාවේ තිබූ බහාලුම් 8ක් මුහුදට වැටී ඇති බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසීය.
මේ අතර එම නෞකාවේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයින් 25 දෙනෙකු ශ්‍රී ලංකා නාවින හමුදාව විසින් බේරාගෙන තිබේ.
එම පිරිස අතරින් තුවාල ලබා සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකුව රෝහල්ගත කළ බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.










