රත්නපුර ශික්ශණ රෝහල තුළ කොවිඩ් වසංගත තත්ත්වය නිසා ‘හදිසි ආපදා තත්ත්වයක්” ප්‍රකාශයට පත් කොට ඇත.
ශීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් රත්නපුර රෝහලට දිනපතා වාර්තා වන බැවින් දෛනික රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා රත්නපුර රෝහල තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රෝහල් අධ්‍යක්ෂකවරයා කටයුතු කොට ඇත.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඩී.ඒ. රොඩ්‍රිගෝ මහතාගේ අස්සනින් යුත් නිවේදනයකින් මේ බව දැනුම් දී තිබේ.











