අධිවේගී මාර්ගයට යතුරුපැදියක් ධාවනය කර රිය අනතුරක් සිදුකළ බවට පොලිස් කොස්තාපල්වරයෙකු දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබේ.
කොතලාවල පිවිසුමෙන් අධිවේගී මාර්ගයට සිය යතුරුපැදිය ඇතුළු කර ඇති ඔහු පොලිස් අණ නොතකා කොට්ටාව දෙසට ගමන් කර යළි යතුරුපැදිය හරවා කඩවත දෙසට ගමන් කිරීමේ දී මෝටර් රථයක ගැටී අනතුරට ලක් වී ඇත.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 02ක පමණ දුරක් සිය යතුරුපැදිය ධාවනය කර ඇති අතර අනතුරින් මෝටර් රථයට හා යතුරුපැදියට හානි සිදුව තිබේ.
බෙම්මුල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
අදාළ කොස්තාපල්වරයා බීමතින් යතුරුපැදිය ධාවනය කරන අයුරු සහ අනතුර සිදුවු අයුරු ජංගම දුරකථනයක සටහන් වූ අයුරු පහතින්,










