චක්‍රලේඛවලට වඩා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලවත් බවත්, ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණය පැවැත්වීමට බාධා කරන මුදල් අමාත්‍යංශ ලේකම් සහ මුද්‍රණාලයාධිපතිනිය වසර 3කට හිරේ යෑමට සූදානම් වන ලෙසත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ අල්ලේ නැටවෙන රාජ්‍ය සේවකයන් බවට පත් නොවන ලෙසත්, මීට පෙර ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට වැනි රාජ්‍ය සේවකයන්ට සිදුවූ දේ සිහියේ තබා ගන්නා ලෙසත්ය.
එමෙන්ම ජනාධිපතිවරයාද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ සිහියේ තබා ගත යුතු බවද මරික්කාර් මහතා පෙන්වා දුන්නේය.










