මීගමුව නගරය හෙට සිට (19) සතියක් වසා දැමීමට කටයුතු කරන බව මීගමුව මහ නගරාධිපති දයාන් ලන්සා පැවසීය.
මීගමුව නගරයේ වෙළෙඳ සංගම් 05 සමග සාකච්ඡා කර තමන් මෙම තීන්දුව ගත් බව ඔහු වැඩිදුරටත් කීවේය.
කොවිඩ් මර්ධනය කටයුතු සඳහා රජයටත් සෞඛ්‍ය අංශවලටත් සහාය ලබා දීම වෙනුවෙන් මේ තීන්දුව ගත් බව ද ඔහු පැවසීය.
එහෙත් පෙරේදා (16) මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ නගර වැසීම රට අක්‍රීය කිරීම සඳහා කරන දේශපාලන කුමන්ත්‍රණයක් බවය.










