ප්රසාද දීමනා ගෙවීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ ශ්රීලන්කන් එයාර්ලයින්ස් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරුන්ට නියෝග කර තිබේ.
අදාළ නියෝගය මගින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ආයතන දෙක ම පාඩු ලබන මොහොතක ප්රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ය.
ඛනිජ තෙල් සංස්ථාව සිය ණය අන්තර්ගත නොකළ වාර්තාවක් මගින් ලාබ ලබන බව පෙන්වා සේවකයන් හට මාස 2ක වැටුප් ප්රසාද දීමනා ලෙස ගෙවා ඇත. ඇතැම් නිලධාරීන්ගේ වැටුප ලක්ෂ 5 ඉක්මවන අතර ඔවුන්ගේ ප්රසාද දීමනාව ඒ අනුව මිලියනය ඉක්මවා ගොස් ඇති බව පැවසේ. එහි සේවකයන් 4200ක් සිටින බව පැවසේ.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ සේවකයන් 5800ක් සේවය කරන අතර ඔවුන්ට ලක්ෂයක මුදලක් බැගින් බෝනස් ලබා දී ඇත.
එහි වියදම කෝටි 58කි.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා අශෝක් පතිරගේ වන අතර තෙල් සංස්ථාවේ සභාපතිවරයා වන්නේ මොහොමඩ් උවයිස්ය.










