මහනුවර දළදා මාලිගාවේ ආරක්ෂාවේ නියුතු පොලිස් නිලධාරීන් 21 දෙනකුට මේ වනවිට කොරෝනා රෝගය ආසාදිතව ඇති බව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව වහාම දළදා මාලිගාව බැතිමතුන්ට වසා දමා විෂබීජහරණය කිරීමට කටයුතු කොට ඇත.
එමෙන්ම මාලිගාවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් 231 දෙනකු නිරෝධායනය සදහා යොමු කොට අවට ප්‍රදේශවලින් ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් යෙදවීමටද පියවර ගෙන ඇත.










