භූමිතෙල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253කින් ඉහළ දමනු ලැබුවා. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් ලෙසයි දැක්වෙන්නේ.
මේ අතර භූමිතෙල් මිල ඉහළ දැමීමට හේතුවූ කරුණු ගැන සඳහන් කරමින් බලශක්ති ඇමති කංචන විජේසේකර ට්විටර් නිවේදනයක් නිකුත් කර සිටිනවා.
” භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක් තිස්සේ සිදු විය යුතු දෙයක්. සිපෙට්කෝ සමාගම පාඩු ලැබීම සඳහා එක් ප්‍රධාන හේතුවක් වූයේ සහනාධාර මිලට භූමිතෙල් විකිණීමයි. මිල ගණන් දැන් පිරිවැයට සමපාත වීමත් සමඟ භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇත.” අමාත්‍යවරයා සිය ට්විටර් නිවේදනයේ සටහන්ව තිබෙනවා.
Kerosene price revision was a must for many years. One main reason for CPC losses was selling at subsidized prices. With prices now on par with costs the Govt has proposed a direct cash subsidy to low income families, fisheries & plantation sectors that depend on kerosene.
— Kanchana Wijesekera (@kanchana_wij) August 22, 2022









