• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෝක්කුව උඩ ‘ඩැනී බේබි’ හිටියා! අපිව දැකලා ඉස්සරහට ආවා. ළඟටම ඇවිල්ල එකපාරටම ඉනේ තිබ්බ පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා! පස්සේ මුහුණටයි හැම තැනටම අනින්න ගත්තා! මම ඒක නවත්වන්න හදනකොට මටත් අනින්න හැදුවා! දුව ලේ පෙරාගෙන බිම වැටුනා! ‘ඩැනී බේබි’ බිම වැටිලා හිටපු දුවගේ බෙල්ල, ඔළුව එහාට මෙහාට තල්ලු කර කර කැපුවා! කෘෂි නිලධාරිනිය ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිය!

March 28, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
බෝක්කුව උඩ ‘ඩැනී බේබි’ හිටියා! අපිව දැකලා ඉස්සරහට ආවා. ළඟටම ඇවිල්ල එකපාරටම ඉනේ තිබ්බ පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා! පස්සේ මුහුණටයි හැම තැනටම අනින්න ගත්තා! මම ඒක නවත්වන්න හදනකොට මටත් අනින්න හැදුවා! දුව ලේ පෙරාගෙන බිම වැටුනා! ‘ඩැනී බේබි’ බිම වැටිලා හිටපු දුවගේ බෙල්ල, ඔළුව එහාට මෙහාට තල්ලු කර කර කැපුවා! කෘෂි නිලධාරිනිය ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිය!
Share on WhatsAppShare on Facebook

තංගල්ල, වැලිආර, නෙතොල්පිටිය ප්‍රදේශයේ දී අමානුෂික ලෙස ඝාතන වූ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියට එම අපරාධය සිදුකරන අයුරු ඇයගේ නැනදනිය විසින් සියසින් දැක තිබේ.

ඊයේ (27) උදෑසන එම ඝාතනය සිදුව තිබුණේ 30 හැවිරිදි ආර්. එම්. දීපශිකා නැමති ඝාතනයට ලක්වු කාන්තාවගේ නිවස ආසන්නයේ දීය. 

පසුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සජබ අපේක්ෂකයකු වන ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ‘ඩැනී බේබි’ නමැත්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

හම්බන්තොට රෝහලේ සේවයේ නිරත සිය මිතුරකුට රජයෙන් නොමිලයේ දෙන පොහොර ලබා ගැනීමට අවශ්‍ය ලිපියක් ලබා නොදීම හේතුවෙන් අදාළ කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි අනාවරණය වුණි.

කෙසේවෙතත් අදාළ ඝාතනය සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාවගේ නැන්දනිය වන ඩී.ජී.දයාවතී මහත්මිය ද ඇය සමග සිට තිබුණි.

එම කාන්තාව පොලීසියට පවසා ඇත්තේ, “දුවයි මායි බස් එක ගන්න පාරට යනකොට බෝක්කුව උඩ ‘ඩැනී බේබි’ ඉඳගෙන හිටියා. එයා අපිව දැකලා අපේ ඉස්සරහට ආවා. එයා ළඟටම ඇවිල්ල එකපාරටම ඉනේ තිබ්බ පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා. පස්සේ මුහුණටයි හැම තැනටම අනින්න ගත්තා. මම ඒක නවත්වන්න හදනකොට මටත් අනින්න හැදුවා. දුව ලේ පෙරාගෙන බිම වැටුනා. ‘ඩැනී බේබි’ බිම වැටිලා හිටපු දුවගේ බෙල්ල, ඔළුව එහාට මෙහාට තල්ලු කර කර කැපුවා. පස්සේ එයා මට අනින්න යනකොට මම දුවලා බේරුණා.” යනුයෙනි.

ධීවර කාර්මිකයෙක් වන ඩැනී බේබි නැමැත්තා පොහොර නොමිලයේ ලබාගැනීමට ලිපියක් ඉල්ලා අවස්ථා කිහිපයකදීම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනී දීපශිකා ලක්රුවනි විජේදාස මහත්මියව හමුවෙමින් කරදර කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ. 

තවත රෝහල් සේවකයා ගොවියෙක් බව සඳහන් කරමින් තමාට ලිපියක් නිකුත් කළ නොහැකි බව දිගින් දිගටම ඇය ‘ඩැනී බේබි’ නමැති සැකකරුට පවසා ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

පසුව එම පුද්ගලයා පෙරේදා (26) රාත්‍රී කාලයේ දී ඇය පදිංචිව සිටින නෙටොල්පිටිය වැලි ආරේ නිවසටද අවස්ථා දෙකක දී ගොස් පොහොර ලබාගැනීමට ලිපිය ඉල්ලා ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

එහි දී ඇය පවසා ඇත්තේ ඒ ගැන කතා කිරීමට පසුදින සිය කාර්යාලයට පැමිණෙන ලෙසය.

ඊයේ (27) උදෑසන කෘෂිකර්ම පර්යෝෂණ නිෂ්පාදක සහකාරවරිය සිය නැන්දම්මා සමඟ පා ගමිනින් කාර්යාලය බලා යමින් සිටිය දී මඟ රැක සිටි ‘ඩැනී බේබි නමැත්තා මෙම අපරාධය සිදුකර තිබේ.

පිහි ඇනුම් කා බිම ඇද වැටී වේදනාවෙන් දඟලමින් සිටි කාන්තාවගේ ගෙල නැවතත් ඔහු අවස්ථා කිහිපයකදීම කපා ඇති බව ද පොලීසිය කරයි.

වේදනාවෙන් බිම වැටී සිටි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියව රෝහලට රැගෙන යාමට පවා කිසිවකුටත් ඉඩ නොදී ඩැනී බේබි නමැත්තා ලේ බේරෙන පිහියද තබාගෙන ඇය අසලට පැමිණෙන අයට පවා අනින්නට පැන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ලේ බේරෙන පිහියද අතේ තබාගෙන සිටි සැකකරුව පාලනය කිරීමට උදෑසන රාජකාරි සඳහා නිවසේ සිට යමින් සිටි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරියෙක්ද උත්සහ දරා ඇතත් එම නිලධාරියාටද ඔහු පිහියෙන් ඇනීමට තැත්කර ඇත. 

මේ අතර තංගල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් යතුරු පැදියකින් මෙම ස්ථානයෙන් ගමන් කරමින් සිටිය දී විශාල පිරිසක් රැස්වී සිටිනු දැක ඒ පිළිබඳ විමසිලිමත් වී ඇත. 

එහි දී මෙම ඝාතනය දැක ඇති ඔවුන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරියාගේද සහාය ඇතිව ඩැනී බේබි නමැති සැකකරුව දැඩි පරීශ්‍රමයකින් අනතුරුව පාලනයකර අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව අද (28) තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

SendShareShare
Previous Post

පරණ කෝන්තරයකට අවුරුදු 28ක කෘෂි නිලධාරිනිය කපා කොටා මරා දමලා!

Next Post

සංගීත් නිපුන් සනත් නන්දසිරි දිවි ගමන නිමා කරයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට සාධාරණයක් ඉටු කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ මනෝරි සලේ සහ පුතා මල්වතු...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.