කොළඹ වරාය බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගම සහ ජපාන ආයෝජකයෙකු සමඟ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමට එරෙහිව ආණ්ඩුවේ පාර්ශවයන්ගෙන් මෙන්ම ඊට පිටස්තර පාර්ශ්වයන්ගෙන්ද මේ වනවිට දැඩි විරෝධයක් පළවෙමින් තිබේ.
මෙය රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කරන බවත්, අපසු රජයට ලබා දීමේ පදනම මත වසර 35 ක කාලයක් සඳහා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දී ඇති බවත් වාර්තා වේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය විරෝධය පළ කොට ඇත.
ඊට අමතරව ආණ්ඩුවට සහාය දැක්වූ ස්වාමින් වහන්සේලා වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ඔමල්පේ සෝභිත හිමි මේ සම්බන්ධයෙන් විරෝධය පළ කොට තිබේ.
එමෙන්ම සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම වරායේ වෘත්තීය සමිති රැසක්ද මේ වනවිට වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට එරෙහිව විරෝධය පළ කොට ඇත.










