ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට දින කැදවනු ලැබ තිබූ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම රැස්වීම හෙට සවස 5ට මුදල් අමාත්‍යංශයේ පැවැත්වීමට සැලසුම් කර තිබිණ.
ජනාධිපතිවරයා හා සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා අතර පැවැති සාකච්ජාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන තිබිණ.
කෙසේවෙතත් මෙම රැස්වීම පිළිබදව පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කර නොතිබීම හේතුවෙන් එහි මන්ත්‍රී කණ්ඩායමක් සූදානම්ව සිටියේ මෙම රැස්වීම වර්ජනය කිරීමටය.
අප මෙම පුවත ඊයේ දින වෙළදෙපොළට පිටවූ ‘මව්රට’ පුවත්පත ඔස්සේද අනාවරණය කොට තිබිණ.
කෙසේවෙතත් අද දිනයේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත්තේ අදාළ රැස්වීම අවලංගු කළ බවත්, අගහරුවාදා දින අතුරු අයවැය ජනාධීපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පස්වරු 2.15ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්ත්‍රී කණ්ඩායම් හමුව පැවැත්වෙන බවත්ය.










