• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයට අවුරුදු 4ක්! තවම අපරාධකරුවන්ට කිසිදු අධිචෝදනාවක් යටතේ අපරාධ නඩු ගොනු කර නෑ! වහාම අපරාධ අධිචෝදනා ගොනු කරන්න! සමගි ජන බලවේගය නීතිපතිගෙන් ඉල්ලා ලිපියක් යවයි!

January 30, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
පාස්කු ප්‍රහාරයට අවුරුදු 4ක්! තවම අපරාධකරුවන්ට කිසිදු අධිචෝදනාවක් යටතේ අපරාධ නඩු ගොනු කර නෑ! වහාම අපරාධ අධිචෝදනා ගොනු කරන්න! සමගි ජන බලවේගය නීතිපතිගෙන් ඉල්ලා ලිපියක් යවයි!
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 4 ක් සම්පූර්ණ වන අතර මේ වන තෙක් ඊට වගකිව යුතු අපරාධකරුවන් සම්බන්ධයෙන් කිසිඳු අධිචෝදනාවක් යටතේ අපරාධ නඩු ගොනු කර නොමැති වීම පිළිබදව ප්‍රශ්න කරමින් සමගි ජන බලවේගය නීතිපති සන්ජේ රාජරත්නම් මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.

පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් අද දින මෙම ලිපිය යොමු කොට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තාරක නානායක්කාර සහ නීතිඥ ලිහිනි ප්‍රනාන්දු ඇතුලු නීතිඥ කණ්ඩායමක් මේ ඉල්ලීම නීතිපතිවරයා වෙත බාර දී තිබේ.

සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

2023.01.30.

ජනාධිපති නීතිඥ සන්ජේ රාජරත්නම්,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු නීතිපති,
නීති පති දෙපාර්තු මේන්තුව,
159, අලුත්කඩේ,
කොළඹ 12.

ගරු නීතිපති තුමණි,
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව අපරාධ අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධවයි.

වර්ෂ 2019 අප්‍රියල් මස 21 වන දින ලක්වාසි කිතුණු බැතිමතුන්ගේ පූජෝත්තම දිනයක් වන ‘‘පාස්කු ඉරිදා” දිනය කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කරමින් එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය ආගමික භේදයකින් තොරව සියලු ලොකවාසී ජනතාවගේ හදවත් ප්‍රකම්පනයට පත් කරන්නක් විය. මරාගෙන මැරෙණ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයන් ඉල්ල කරමින් ජීවිත 270 ඝාතනයට ලක් කරමින් සහ 500 ට අධික පිරිසකට බරපතල තුවාල ගෙන දෙමින් සිදු කළ මෙම ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම ජාත්‍යන්තර අයිසීස් සංවිධානය විසින් භාර ගත්තද ප්‍රහාරය සිදුවී පැය 24 ක යන්නට මත්තතෙන් එකී ප්‍රහාරය සැළසුම් කරමින් ක්‍රියාත්මක කරන ලද සංවිධානාත්මක ජාලය අත් අඩංගුවට ගැනීමටත් ඔවුන්ගේ සියලු සම්බන්ධතා හෙලි කර ගැනීමටත් ආරක්ෂක අංශ සමත් වූ බව මේ වන විට නොරහසක්.

එකී ත්‍රස්ත ප්‍රහාරය හේතු කොටගෙන මෙරට දේශපාලනයේ ඇතිවූ ප්‍රවනතා අධ්‍යනය කිරීමේදී එකී ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සංවිධානාත්මක දේශපාලන කුමණ්ත්‍රණයක් පැවති බව ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මාධ්‍ය සහ වගකිව යුතු සංවිධාන මතුකරණ ප්‍රභල කාරණයක් වේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුතු ‘‘පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව” පත් කළ බවත්, එකී විමර්ශනයේ සම්පූර්ණ වාර්ථාව වර්ෂ 2021.02.01 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී ඇති බවත්, එකී වාර්ථාව තුළින් මෙම පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනය මගින් අනාවරණය වූ තොරතුරු, සැලසුම්, ත්‍රස්තවාදීන්, පූර්ව සූදානම, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල ප්‍රතිචාරය, වගකිවයුතු නිළධාරීන්ගේ සහ විධායකයේ හැසිරීම ආදී තොරතුරු රාශියක් අනාවරණය වූ බවත්, එමගින් මෙම පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සහ වක්‍රාකාරව වගකිවයුතු තැනැත්තන් සම්බන්ධයෙන් දීර්ග පැහැදිලි කිරීමක් සිදු කර එකී වගකිවයුත්තන්ට අදාලව සිවිල් සහ අපරාධ චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමටද එකී කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබූ බවත් එකී වාර්තාවේ පැහැදිලිව දැක්වේ.

තවද පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පුද්ගලික පාර්ශවයන් විසින් ගොනු කරන මූලික අයිතිවාසිකම් නඩු විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023.01.12 වන දින තීන්දු කරන්නට යෙදුණු ඓතිහාසික නඩු තීන්දු ප්‍රකාශය මගින් ද පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයෙන් වගකිවයුතු සහ වන්දි ගෙවිය යුතු බවට තීරණය කරන ලද ඉහල මට්ටමේ දේශපාලන සහ පරිපාලන බලධාරීන් පිළිබඳ තීන්දු කරන ලදි.

කෙසේ වෙතත් පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාමත් සංකිර්ණ සහ පුලුල් විමර්ශණ පවත්වා ඒ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් විසින්ද නිර්දේශයන් ද ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තීන්දු ප්‍රකාශයන්ද සිදු කර ඇති පසුබිමක එකී නිර්දේශ මගින් හා තීන්දු ප්‍රකාශය මගින් පැහැදිලිවම මෙම ප්‍රහාරයට වගකිව යුතු බවට තීරණය කර ඇති තැනැත්තන් හට අධිචෝදනා ගොනු කොර මේ සම්බන්ධයෙන් අපරාධ නඩු ගොනු කිරීමට තවමත් නීති පති දෙපාර්තු මේන්තුව විසින් කිසිඳු පියවරක් ගෙන නොතිබීම නීතියේ ආධිපත්‍ය කෙරෙහි ජනතාව අතර විශාල සැකයක් මතු කරන්නක් බව අපගේ අදහසයි.

ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ නඩු සියල්ල පවරා තිබුණේ පුද්ගලික පාර්ශවයන් විසින් ගොනු කරන ලද මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බවත්, නමුත් සියලූම අපරාධයන් රජයට එරෙහි වැරදි බවට වන පූර්ව නිගමනයේ පිහිටා ක්‍රියා කළ යුතු මෙරට නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමේ මූලස්ථානයක් වන ඔබ නීති පති දෙපාර්තු මේන්තුව විසින් පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට ගොනු කර ඇති අධි චෝදනා මොනවාද යන්න දැන ගැනීමට මෙරට ජනතාට මෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ටද අයිතියක් ඇත. වර්ෂ 2023.04.21 වන දින වන විට පාස්කු ප්‍රහාරය සිදුවී වසර 4 ක් සම්පූර්ණ වන අතර මේ වන තෙක් ඊට වගකිව යුතු කිසි‍්ු අපරාධ කරුවන් සම්බන්ධයෙන් කිසිඳු අධිචෝධනාවක් යටතේ අපරාධ නඩු ගොනු කර නොමැති වීම සම්බන්ධයෙන් මෙයින් අප ඔබගෙන් ප්‍රශ්න කරන්නෙමු.

ඒ අනුව ඉහතකී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්ථාව මගින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තන් පැහැදිලිවම නම් කර ඇති පසුබිමක ඔවුන් සම්බන්ධයෙන් අධි චෝධනා ගොනු කර කඩිනමින් අපරාධ නඩු පැවරීමට කටයුතු කරන ලෙස ඉතාමත් ග්‍රෞරවයෙන් අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි

SendShareShare
Previous Post

PHIලා ලෙඩ වෙයි! හේතුව බිත්තර!

Next Post

ඡන්ද ගැසට් එක ගහලා නෑ කියලා ජනතාව නොමග යවන නිවේදන නිකුත් කරන්න එපා! මැතිවරණ කොමිසමේ සභාපති රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කියයි!

MORE NEWS

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.