පාස්කු ප්‍රහාරකයන් 13 දෙනකුගේ සිරුරු යළි ගොඩගෙන නැවත වතාවක් DNA පරීක්ෂාවක් කිරීමට අධිකරණ නියෝග ලබා ගැනීමට සූදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ සාරා ජෙස්මින් නැමැත්තිය ජීවත්ව සිටිනවාද මියගියාද යන්න සොයා ගැනීම සදහා මෙම පියවර ගෙන ඇති බවකි.










