කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී ඇති පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන කාමරයේ විශාල ඝෝෂාවක් මතුව ඇති බව පාර්ලමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.
පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක දෙකෙහි මෙම රැස්වීම පැවැත්වෙන අතර විපක්ෂය නියෝජනය කරමින් සියලුම පක්ෂ නායකයන් ඊට සහභාගීී වී ඇති බව දැනගන්නට තිබේ.
පාර්ලමේන්තුවේ අද (08) සහ හෙට (09) න්‍යාය පත්‍රය මෙහිදී සාකච්ජාවට ලක්වන බව වාර්තා වේ.
මෙම න්‍යාය පත්‍රය ඊයේ (07) දිනයේදී පක්ෂ නායකයන්ට ලබා දිය යුතුව තිබුණද කතානායකවරයා සදහන් කර සිටියේ අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී එය ලබා දීමට කටයුතු කරන බවකි.
නමුත් විපක්ෂය ඊට ඊයේ දිනද දැඩි ලෙස විරෝධය පළකිරීමට පියවර ගෙන තිබිණ.










