නෙදර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන 20/20 ලෝක කුසලාන පළමුවටයේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස් කළේය.
ගීලොන්ග් හි පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දු පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තබමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම සඳහා 6 පහර 5ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්විය.









