ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයින් 4,200 වෙනුවට ක්‍රියාශීලි සේවකයින් 500 දෙනෙකුගෙන් එම ආයතනවල කාර්යක්ෂමතාව ඇති කළ හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
26,000ක් වන ලංකා විදුලිබල මණ්ඩල ශ්‍රම බළකාය අඩක් දක්වා අඩුකළ හැකි බව සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් අමාත්‍යවරයා සඳහන් කරයි.
අකාර්යක්ෂම සේවකයින්ගෙන් වෘත්තීය සමිති වර්ධනය වන බව අමාත්‍යවරයාගේ මතයයි.
මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවත් දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, වැරදි පරිපාලනය සහ නොහැකියාව රාජ්‍ය ආයතන පහත වැටීමට හේතුව බව අමාත්‍යවරයා සඳහන් කරයි.
රාජ්‍ය අංශයේ සේවය කරන බොහෝ සේවකයින් පෞද්ගලික අංශය තුළ සේවය කිරීම හෝ පෞද්ගලික අංශයේ සේවය සඳහා බඳවා ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
රාජ්‍ය ආයතනවල කාර්යය සාධනය පදනම් කරගත් වැටුප් ක්‍රමයක් අනිවාර්යය බවද අමාත්‍යවරයාගේ මතයයි.
2) While there are capable & efficient workers at CEB, CPC & CPSTL, the majority are inefficient & incompetence. A good 500 workforce instead of the 4200 could do the job efficiently at CPC- CPSTL & half of the 26000 workforce at CEB. Trade Unions thrive on inefficient members.
— Kanchana Wijesekera (@kanchana_wij) August 27, 2022










