ඉහළ දැමූ බදු බරට සහ විදුලි බිලට එරෙහිව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව අද දිනයේ වැඩර්ජන සහ උද්ඝෝෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.
ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අද දිනයේදී විවිධ ස්ථානවල මහජන සේවා අඩාල විය හැකි බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.










