සම්මත වී ඇති කැබිනට් තීන්දුවට අනුව ජනවාරි මාසයේ සහ ජූලි මාසයේදී යනුවෙන් වසරකට දෙවරක් විදුලි බිල වෙනස් කළ හැකි බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඒ අනුව ජනවාරි මාසයේ සහ ජුලි මාසයේ මෙම වෙනස්වීම සිදුවීමට නියමිතව ඇත.
යම් හෙයකින් පවතින තත්ත්වය යටතේ ජුලි මස වනවිට යම් සහනයක් ලබා දිය හැකි වනු ඇති බවද ඒ මහතා කීය.










