දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉකුත් දා පැවැති සාකච්ජාවේදී වික්‍රමසිංහ මහතා විසින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් තමන්ට ජන්දය ලබා දුන් බව ප්‍රකාශ කිරීම හේතුකොටගෙන බරපතළ දේශපාලන අර්බූදයක් මතුව ඇති බව වාර්තා වේ.
මෙහිදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ප්‍රශ්න කොට ඇත්තේ රහස් ජන්දයකදී සිදුවූ දෑ පිළිබදව වික්‍රමසිංහ මහතා දැන සිටියේ කෙසේද යන්නය.
ඊට ජනාධිපතිවරයා පිළිතුරු දී නැති බවක් වාර්තා වේ.
කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය තීරණය කොට තිබුණේ අනෙක් අපේක්ෂකයා වූ ඩලස් අලහප්පෙරුම මහතා හට ජන්දය ලබා දීමටය.
ඒ අනුව ඔවුන් ජන්දය ලබා දී තිබුණේ ඩලස් අලහප්පෙරුම මහතාටය.
නමුත් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධාන සාකච්ජාවේදී තමන්ට එම පක්ෂයේ මන්ත්‍රීවරු ජන්දය දුන් බව ප්‍රකාශ කිරීම හේතුවෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ බරපතළ අර්බූදයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට ඇත.