පාර්ලිමේන්තුවේ ජන්දය ගණනය කරන යන්ත්‍රයේ තාක්ෂණික අඩුපාඩු කිහිපයක්ම පවතින බව ඒ සම්බන්ධයෙන් සොයාබැලූ තාක්ෂණවේදීන් සහ ඉංජිනේරුවන් විසින් සොයාගෙන ඇත.
වරාය නගර කොමිසන් සභා කෙටුම්පත්ට ජන්දය විමසූ අවස්ථාවේදී ජන්ද දෙකක් ගණනය වී නැති බවට ලැබුණු පැමිණිලිවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට කතානායකවරයා පියවර ගෙන තිබිණ.
ඒ අනුව ඒ පිළිබද සොයාබැලූ විශේෂඥ කණ්ඩායම යන්ත්‍රයේ තිබූ අඩුපාඩු කිහිපයක්ම පෙන්වා දී ඇති බව දැනගන්නට ඇත.










