පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම ලබන 23දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
අදාළ පෙස්සමේ දෝෂ සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබේ.
කෙසේවෙතත් අද පෙරවරුවේ පැවැති තවත් නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කර සිටියේ මැතිවරණ කොමිසම සැලසුම් කර ඇති පරිදි මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙසය.










