ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.
රජයේ මුද්‍රණාලය පැවසුවේ, මැතිවරණ දිනය පිළිබඳව මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ මුද්‍රණයට අවශ්‍ය පහසුකම් නොලැබීම හමුවේ එම පියවර ගත් බවයි.
දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඉතා සුරක්ෂිතව තබා ඇතැයි ද රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළේ ය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව නොමැති වීම, මුදල් ලබා නොදීම ඇතුළු කරුණු හේතුවෙන්, පසුගිය කාලයේ එම කටයුතු වලට අඛණ්ඩව බාධා එල්ල විය.
රජයේ මුද්‍රණාලය සඳහන් කළේ, අවශ්‍ය සියලු පහසුකම් හිමිවන්නේ නම්, දින 25 ත් 30 ත් අතර කාලයකදී සියලු ඡනද පත්‍රිකා මුද්‍රණය කිරීමට තම ආයතනයට හැකියාව පවතින බවයි.










