පළාත් පාලන මැතිවරණය සැලසුම් කර ඇති ආකාරයට පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇති බවත්, දැන් කිසිවකුටත් මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට කටයුතු කළ නොහැකි බවත් නඩුව ගොනු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අධිකරණ භූමියේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ එය විනිසුරුවරුන් තිදෙනෙකුගේ ඒකමතික තීන්දුවක් බවත්, ඉදිරියේදී මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට කටයුතු කරන සියලුම පුද්ගලයන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරන බවත්ය.










