මැතිවරණ කොමිසම නියම කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවේ සමගි ජන බලාවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ නිදහස් ජනතා සන්ධානය වෙනුවෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන්ය.
එමෙන්ම ඊට අතරමැදි පෙස්සම් යොමු කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, එම්.සුමන්තිරන්, දයාසිරි ජයසේකර සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතාද සම්බන්ධ වී සිටියේය.










