• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චන්ද්‍රසිරි බණ්ඩාර යළිත් පරළ වෙයි: දෙරණෙ හසිතට කුණුහරුපෙන් බනී

January 18, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
චන්ද්‍රසිරි බණ්ඩාර යළිත් පරළ වෙයි: දෙරණෙ හසිතට කුණුහරුපෙන් බනී
Share on WhatsAppShare on Facebook

වෙන කවරදාටත් වඩා ජ්‍යොතිෂවේදීන් සහ අනාවැකිකරුවන් අන්ත අසරණ වූ යුගයක් ලෙස වර්තමානය හැඳින්විය හැක. පසුගිය වසරේදී ලොව පුරා බොහෝ අනාවැකිකරුවන් සිදු කළ අනාවැකි සියල්ල බොරු බවට පත් විය. ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යයට ලක් වෙන ආකාරයද දැක ගත හැකි විය. ශ්‍රී ලංකාවේද එම තත්ත්වය එසේමය. 2020 වසර මුලදී දිවයිනේ නම ගිය අනාවැකිකරුවන් ප්‍රකාශ කළ අනාවැකි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ සැම දෙනාම සිනහ සයුරේ ගිල්වමිනි. චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ශ්‍රී ලංකාවේ සිටින අතිශය ජනප්‍රිය ජ්‍යොතිෂවේදියෙකි. එමෙන්ම ප්‍රසිද්ධ අනාවැකිකරුවෙකි. නව වසර සඳහා මෙන්ම මැතිවරණ සම්බන්ධයෙන්ද ඒ මහතා පළ කළ අනාවැකි බොහෝය. ඒ අතරින් කිහිපයක් බොරු වීම මත සමාජයේ දැඩි කතාබහට ලක් වූ චරිතයක් ලෙසින්ද බණ්ඩාර මහතා හැඳන්විය හැක. එක් අතකින් බණ්ඩාර මහතාගේ ජනප්‍රියත්වය වැඩි කිරීමටද එම අසත්‍ය වූ අනාවැකි හේතු විය. මීට පෙර 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය නොකළහොත් තමන් වෙඩි තබා ගන්නා බවට බණ්ඩාර මහතා රූපවාහිනී නාළිකාවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඉන්පසු 2020 වසර ඉතාම සුබ වසරක් වන බවට බණ්ඩාර මහතා රූපවාහිනී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශය තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇත. චන්ද්‍රසිරි බණ්ඩාර මහතා නැවත වරක් සමාජයේ දැඩි කතාබහට ලක් වූයේ පසුගියදා දෙරණ ටීවී සමඟ පැවැති සාකච්ඡාවකදී ආවේගශීලීව හැසිරීම නිසාය.

වැඩසටහන අතරතුරේදී බණ්ඩාර මහතා ආවේගශීලී වන ආකාරය දෙරණ නාළිකාව ඔස්සේ ප්‍රචාරය වූ අතර එහිදී වැඩසටහන මෙහෙයවූ හසිත විජේවර්ධන මහතාගෙන් ඔහු ඉල්ලා සිටින්නේ අඩුම තරමින් තම වයසට හෝ ගරු කරන ලෙසටය. එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය විය.

එම දර්ශන දුටු ඇතැමුන් පවසා තිබුණේ මෙය හිතා මතා සිදු කළ රූ ගත කිරීමක් වන බවය. මේ අතර එම දර්ශන පෙළ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් දෙරණට චෝදනා කරන පිරිස්ද දක්නට හැකි විය. එමෙන්ම තරුණ මාධ්‍යවේදියෙකු ලෙස එම අවස්ථාවේ හසිත විජේවර්ධන මහතා හැසිරුණු ආකාරයද බොහෝ දෙනාගේ ගෞරවයට හේතු විය.
මේ අතර තමන් සමඟ සිදු කළ සාකච්ඡාව විකෘති කර ඇති බවට බණ්ඩාර මහතා පසුව යූ ටියුබ් නාළිකාවක් සමඟ අදහස් දක්වා තිබූ අතර ඊට පිළිතුරු ලෙස බණ්ඩාර මහතාගේ හඬ ඇතුළත් හඬ පටයක් මාධ්‍යයට නිකුත් කිරීමට හසිත විජේවර්ධන මහතා කටයුතු කර තිබිණි.

අප මෙම වැඩසටහන මෙහෙය වූ හසිත විජේවර්ධන මහතාගෙන් මේ පිළිබඳව විමසා සිටියේ එහිදී සිදු වූයේ කුමක්දැයි යන්න නියමාකාරයෙන්ම දැන ගැනීම සඳහාය. එහිදී අප පළමුව ඒ මහතාගෙන් විමසා සිටියේ බොහෝ දෙනකුගේ සිත තුළ පවතින ගැටලුවය. එනම් මෙය කලින් සැලසුම් කරන ලද්දක්ද යන්නය. එයට විජේවර්ධන මහතා පිළිතුරු දුන්නේ මෙසේය.

“ගොඩක් අය එහෙම තමයි හිතුවේ. මගෙනුත් ගොඩක් අය ඒ ගැන ඇහුවා. ඒත් මේක ඇත්තටම සිදු වුණු දෙයක් මිසක් කලින් ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි.” එලෙස පිළිතුරු දුන් විජේවර්ධන මහතා එදින සිදුවීම විස්තර කළේ මෙලෙසිනි.

“වැඩසටහනට පෙරම මම බණ්ඩාර මහත්තයාට කියලා තිබුණේ මේකෙදි අතීතය සම්බන්ධ ප්‍රශ්න අහනවා කියන එක. විශේෂයෙන්ම වැරදුණු අනාවැකි ගැන. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පළ කළ අනාවැකිය ගැනත් අහනවාද කියලා එතුමා මගෙන් ඇහුවා. ඒක අනිවාර්යයෙන්ම අහනවා කියලා මම කිව්වා. ඒවට එකඟ වෙලා තමයි බණ්ඩාර මහත්මයා වැඩසටහනට ආවේ. එතුමාට නව වසර ගැන අනාවැකි කියන්න දීල තමයි මම වැරදුණු අනාවැකි ගැන අහන්න පටන් ගත්තේ.”

බණ්ඩාර මහතා ආවේගශීලී වී ඇත්තේ ඉතා සුහද ආකාරයෙන් වැඩසටහන පවත්වාගෙන යද්දීය. එක්වරම කැමරා සියල්ල ක්‍රියා විරහිත කරන මෙන් බණ්ඩාර මහතා කණ්ඩායමෙන් ඉල්ලා ඇත.

“අපි සාකච්ඡාව කරගෙන ගියා. බණ්ඩාර මහත්තයට කේන්ති ගිහින් කියලා මට තේරුණේ නැහැ. මොකද විහිළුවෙන් වගේ ඔහු ප්‍රශ්නවලට උත්තර දුන්නා. ඒත් එක පාරටම කැමරා ඕෆ් කරන්න කියලා එයා අපිට කිව්වා. කැමරා ඕෆ් කළා විතරයි විනාඩි හතරක් පහක් විතර එයා අපිට කුණුහරුපෙන් බැනගෙන බැනගෙන ගියා. හැබැයි කැමරා ඕෆ් කළාට අපේ එක මයික් එකක් හරහා ඒ සියල්ල පටිගත වෙලා තියෙනවා. ඒ හින්දා අපිට කුණුහරුපෙන් බැන්නේ නැහැ කියලා කියන්න බණ්ඩාර මහත්තයාට බැහැ. මොකද අපි ළඟ සාක්ෂි තියෙනවා.”

ඒ අපි දෙරණ හරහා නොදුටු සිද්ධියකි. එලෙස ආවේගශීලීව හැසිරුණු පුද්ගලයකු ඉදිරියේ සංයමයෙන් හැසිරීමද සැමට කළ නොහැකි දෙයකි. ඒ ආකාරයෙන් සංයමයෙන් කටයුතු කළේ කෙසේද යන්න අපි අනතුරුව හසිත විජේවර්ධන මාධ්‍යවේදියාගෙන් විමසුවෙමු. ඔහු එයට පිළිතුරු දුන්නේ අපි නොදුටු තවත් දර්ශනයක් පිළිබඳවද සඳහන් කරමිනි.

“මට ඇත්තටම පොඩ්ඩක්වත් කේන්ති ගියේ නැහැ. දේශපාලනඥයෝ එක්ක කාලයක් තිස්සේ මොකද වුණේ වැඩසටහන කරලා මට ඔය දේවල් පුරුදුයි. එක අවස්ථාවක බණ්ඩාර මහත්තයා මට ගහන්නම වගේ ආවා. එහෙම එන ගමන් එයාගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කළා. මේ ඉන්නේ හසිත. මෙයා හොඳ ඉදිරි ගමනක් තියෙන මාධ්‍යවේදියෙක්. එහෙම කිය කිය තමයි ඒක වීඩියෝ කළේ. මොන පදනමකින් එහෙම කරාද කියන්න මම දන්නේ නැහැ. මම වගකිව යුතු මාධ්‍ය ආයතනයක් නියෝජනය කරන මාධ්‍යවේදියෙක්. එවැනි පුද්ගලයකුට තමන්ට හිතෙන විදියට හැසිරෙන්න බැහැ. මම හැසිරෙන විදිය මගේ ආයතනයටත් බලපානවා. කොහොමත් මට එහෙම කේන්ති යන්නේ නැහැ. ඒ වෙලාවෙත් මට පොඩ්ඩක්වත් කේන්ති ගියේ නම් නැහැ.”

කෙසේ නමුත් අවසානයේ බණ්ඩාර මහතාට අපහාසයක් නොවන ආකාරයෙන් වැඩසටහන අවසන් කිරීමටද විජේවර්ධන මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කර ඇත. ඉන් පසු නැවත වරක් බණ්ඩාර මහතා ඉතා සුහදශීලීව කතාබහ කළ බවද විජේවර්ධන මහතා සඳහන් කළේය.

“බණ්ඩාර මහතාට අපහාසයක් නොවන ආකාරයෙන් වැඩසටහන අවසන් කරලා අපි එතැනින් එන්න හැදුවා. කැමරා ආම්පන්න සකස් කර ගනිද්දී එතැනට ආව බණ්ඩාර මහත්තයා අපි එක්ක ආයෙත් කතාබහ කළා. මල්ලි එක තැනක නැවතිලා මේ බොරු කර කර ඉන්නේ නැතිව යූ ටියුබ් නාලිකාවක් පටන් අර ගෙන ඉස්සරහට යන්න කියලා මට කිව්වා. පස්සේ අපිට තේ බීලා යන්න කියලත් කිව්වා. අපි හැබැයි තේ බොන්න නම් හිටියේ නැහැ.”

මේ අතර මෙම වැඩසටහන අතරතුර බණ්ඩාර මහතා ආවේගශීලීව හැසිරෙන ආකාරය විකාශය කිරීම සදාචාරාත්මක නොවන බවට චෝදනාවක්ද දෙරණට එල්ල වෙමින් ඇත. එබැවින් දෙරණ වෙනුවෙන් එයට පිළිතුරු දීමේ වගකීම ඇත්තේ හසිත අතේය. එම චෝදනාවට ඔහු පිළිතුරු දුන්නේ මෙසේය.

“ඒ සිදුවීම වැඩසටහන අතරතුරේ සිදු වුණු දෙයක්. මොකද බණ්ඩාර මහත්තයා අපිට කැමරා ඕෆ් කරන්න කියලා කියන්න කලිනුයි ඒක වුණේ. අනිත් එක අපි මේකෙදි කතා කරන කරුණු ගැන කලින් එකඟතාවයක් ඇතිවයි මේක කළේ. ඒ හින්දා ඒ දර්ශන ප්‍රචාරය කරන එකේ වැරැද්දක් නැහැනේ. කැමරා ඕෆ් කරන්න කිව්වට පස්සේ කිසි දෙයක් අපි ප්‍රචාරය කරලා නැහැ. එහෙම කළා නම් වැරැදියි. හැබැයි එක දෙයක්. අපිට කුණුහරුපෙන් බැන්නේ නැහැ කියලා බණ්ඩාර මහත්තයා දිගින් දිගටම කියනවා නම් අපේ නිර්දෝෂීභාවය වෙනුවෙන් අපිට ඒක ඔප්පු කරන්නත් වෙනවා. මම කලිනුත් කිව්වා වගේ එහෙම වුණොත් ඒ හඬ පට එළියට දාන්න අපිට සිද්ධ වෙනවා.” ඒ දෙරණ මාධ්‍යවේදී හසිත විජේවර්ධන මහතාගේ අදහස්ය.

දෙපාර්ශ්වයක් සම්බන්ධ සිදු වීමක එක් පාර්ශ්වයකින් පමණක් අදහස් විමසීමෙන් සැබෑ තතු දැන ගත නොහැකිය. මේ පිළිබඳව විමසීම සඳහා චන්ද්‍රසිර බණ්ඩාර මහතා සම්බන්ධ කර ගැනීමට අප බොහෝ උත්සාහ කළේ එබැවිනි. වරක් දෙවරක් නොව දින කිහිපයක් තිස්සේම මේ පිළිබඳව විමසීමට අප බණ්ඩාර මහතාගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා ගත්තෙමු. දුරකතනය නාද වුණා මිස කිසිවෙකු ඊට පිළිතුරු දීම සඳහා ඉදිරිපත් නොවුණු අතර වරක් දෙවරක් අපගේ ඇමතුම විසන්දි කළ බවද අපට දැක ගත හැකි විය. නමුත් මේ පිළිබඳව පිළිතුරු ලබා දීමට බණ්ඩාර මහතා සූදානම් නම් ඉදිරි සතියේදී හෝ ඒ සඳහා ඉඩ ලබා දීමට අප සූදානම් බවද සඳහන් කළ යුතුය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සජිත්ගේ බිරිඳ ජලනි මුල්වරට දේශපාලනය ගැන කතා කරයි EXCLUSIVE

Next Post

සෞඛ්‍ය ලොක්කෝ පාර්ලිමේන්තුවට එයි: කොරෝනා තර්ජනය ගැන කොළ එළියක්

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.