මේ දිනවල ඇදහැලෙන මහා වර්ෂාව හේතුවෙන් ඉදිරි දින දෙක තුළ ඇතැම් ගංගා ආශ්‍රිතව ගං වතුර අවදානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව ඉදිරි දින දෙක තුළ ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇතිවන බැවින් අත්තනගලු, කළු, කැළණි, ගිං, නිල්වලා සහ මහවැලි යන ද්‍රෝණිවලින් එකක හෝ කිහිපයක ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.










