අද (15) දින කොවිඩ් මරණ 06ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 403ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබේ.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 774කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 76,428ක් දක්වා ඉහළ ගොස් තිබේ.










