රටක ජීවනාලිය වන් දරු පරපුර පරිඝණක තාක්ෂණයෙන් සහ පහසුකම්වලින්ද සවිබල ගැන්වීමේ අරමුණින් සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 39 වන බස්රථය ගල්ගමුව යූ.බී වන්නිනායක ජාතික පාසලට ඊයේ (03) පරිත්‍යාග කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වුණා.
සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේ, මේ රටේ අනාගත සිසු පරපුරේ සංවර්ධනය රටේ සංවර්ධනයේ ප්‍රමුඛ කාර්යයක් වියයුතු බවයි. රාජ්‍ය පාසැල 10,100 තුළම භාෂා විද්‍යාගාරයක් සහ පරිගණක විද්‍යාගාරයක් ස්ථාපිත කළ යුතු බවත්, විපක්ෂයේ සිට ඊට පෙරහුරුවක් ලෙස මේ වනවිටත් සක්වල වැඩසහන තුළින් ස්මාට් පන්ති කාමර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා සිහිපක් කළා.
ලෝකයේ දරුවන්ට ලැබෙන දියුණු අධ්‍යාපන ක්‍රමවේදයන් සහ එම තාක්ෂණ දැනුම මේ රටේ සිසු දරුවන්ට ලබාදීම අත්‍යාවශය බවත්, ඒ තුළින් ලොවටම ගැලපෙන තාක්ෂණයෙන් සහ වෘත්තීමය දැනුමෙන් පිරිපුන් දරුවෙකු සමාජගතකළ හැකිවනු ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නා.


















