නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ එම දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන්ව සාකච්ජාවකට කැඳවා තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවේ එම හමුව අද (06) පැවැත්වෙන බවය.
වන විනාශයන් සිදුවන බවට මෑත කාලයේ පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට සහ අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා එම හමුව කැඳවා ඇති බව ඇය පැවසුවාය.










