අසාමාන්‍ය ලෙස විදුලි බිල ඉහළ යාමත් සමඟම සමස්ත ජනතාව බලවත් අසීරුතාවයකට පත්ව ඇති බවත් මෙය රටේ ජනතාවට දරාගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(12) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සාමාන්‍ය ජනතාවගේ සිට කර්මාන්තකරුවන් දක්වාම මේ තත්ත්වය උග්‍ර ලෙස බලපාන බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ මොහොතේ අසාමාන්‍ය ලෙස පීඩනයට පත්ව ඇති ජනතාවට මෙය තවත් බරක් පැටවීමක් ලෙස ද පැවසීය.