කඩා දැමුණු ඓතිහාසික කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය නැවත ඉදිකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා සඳහන් කළේ, බුවනෙකබා රාජසභා මණ්ඩපය නැවත ඉදිකිරීම සඳහා නගර සභාවෙන් අනුමැතිය ගත යුතු බවය.
ඊට හේතු වී ඇත්තේ, එය නගර සභාව සතු භූමියක් වීමයි.
පරණ කොටස ආරක්ෂා කරමින් අනෙක් කඩා දැමු කොටස නැවත ඉදිකරන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
2020 වසරේ ජූලි මාසයේ 14 වැනි දා මාර්ගය පුළුල් කිරීමට යැයි පවසමින් කුරූණෑගල මහනගර සභාව, බැකෝ යන්ත්‍රයක් යොදා ඉපැරණි බුවනෙකබා රාජ මාලිගයට හානි සිදුකර තිබුණි.
13 වන සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් යැයි සැළකෙන අදාළ ගොඩනැගිල්ල, 1940 අංක 09 දරණ පුරා වස්තු ආඥා පනත යටතේ පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස සැලකෙන ස්මාරකයකි.










