ජනාධිපතිවරයා එක රටක් එක නීතියක් ගෙන එන බව කීවද එය කතාවට පමණක් සීමා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
අද දින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව ඒ මහතා මේ බව කීය.
එල්ලුම් ගහට නියම වූ දුමින්ද සිල්වා නිදහස් කළ ජනාධිපතිවරයා, මහබැංකු හොරුන්ට නිදහසේ එළියේ සිටීමට ඉඩ දී ඇති ජනාධිපතිවරයා රන්ජන් රාමනායක මහතා පමණක් අපරාධකාරයකු කොට සිරගතව තබා ඇති බවද කියා සිටියේය.









