මට්ටක්කුලියේ ඊයේ (29) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේදී වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ඊයේ(29) රාත්‍රියේ කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.
මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් වෙඩි තැබීමට හේතුවී ඇතැයි පොලීසිය පවසයි.
වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 26කි.










