• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දුනීසියාවේදී මරා දැමුණු කෝටිපති ඔනේෂ්ගේ ඝාතනයේ තොරතුරු හෙළිවෙයි! ඔක්කොම ප්ලෑන් කළේ තුන්වැනි විවාහයේ බිරියයි-මිතුරියයි! මිතුරියට ඩොලර් 3000ක් මාසෙකට ගෙවලා ගෙදර තියාගෙන! පරීක්ෂණවලට CIDයෙන් ටීම් එකක් ඉන්දුනීසියා යවයි!

February 12, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉන්දුනීසියාවේදී මරා දැමුණු කෝටිපති ඔනේෂ්ගේ ඝාතනයේ තොරතුරු හෙළිවෙයි! ඔක්කොම ප්ලෑන් කළේ තුන්වැනි විවාහයේ බිරියයි-මිතුරියයි! මිතුරියට ඩොලර් 3000ක් මාසෙකට ගෙවලා ගෙදර තියාගෙන! පරීක්ෂණවලට CIDයෙන් ටීම් එකක් ඉන්දුනීසියා යවයි!
Share on WhatsAppShare on Facebook

ඉන්දුනීසියාවේ ජකර්තා හි පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ මරා දැමුණු ඔපෙක්ස් හෝල්ඩිංග්ස් අධිපති කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ ඝාතනය අදත් ඇත්තේ අබිරහසක් ලෙසිනි. ජකර්තා පොලිසිය විසින් ඒ ගැන මෙතෙක් කර ඇති විමර්ශන ඔස්සේ සැක මතුවී ඇත්තේ එම ඝාතනයට ඔහුගේ බිරිය සහ ඇගේ සහායිකාව වගකිව යුතු බවකි. ඒ දෙන්නාම දැන් සිටින්නේ ඉන්දුනීසියාවෙන් පලා ගොසිනි. ජකර්තා පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ඔවුන් දෙදෙනා ඔනේෂ්ගේ සිවු හැවිරිදි දියණිය ද සමඟින් දෝහාකටාර් වෙත පලා ගොස් ඇති බවය. එතැනින් ඔවුන් වෙනත් රටකට පළා ගියේද? නැතිනම් තවමත් දෝහා කටාර් හි රැඳී සිටීද? එසේත් නොමැති නම් ඔවුන් දැන් බ්‍රසීලයේ සිටින්නේ දැයි? ගැන නිසි තොරතුරක් තවමත් මෙරටට ලැබී නැත.

ඉන්දුනීසියා මාධ්‍ය පවා මෙම ඝාතනය ගැන තොරතුරු දැන් වාර්තා නොකරන ගාණය. ඒ ඔවුන්ට මෙම ඝාතනය වාර්තා කිරීමට තරම් වැදගත් එකක් නොවන නිසා විය හැකිය.

දෙස් විදෙස් වෙ‍ෙළඳපොළට දියර පොහොර බෙදා හරින මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක හිමිකරුවෙක් වූ ඔනේෂ්ගේ ඝාතනය ඉන්දුනීසියාවට එතරම් වැදගත් එකක් නොවූවත් ඔහු ශ්‍රී ලංකිකයෙක් වූ බැවින් ඒ ගැන වැඩි උනන්දුවක් ඇත්තේ අපේ රටේ අයටය. පොලිස්පති සී. ඩී.වික්‍රමරත්න විසින් ඔනේෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් යම් විමර්ශනයක් පැවැත්වීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නේ ද එබැවිනි. මේ ගැන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කර සිටියේ ඉන්දුනීසියාවේදී මෙම ඝාතනය සිදුවී ඇතත් ඊට පෙර සූදානමක් ලංකාවේ සිදුව තිබිය හැකි බැවින් ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමට තීරණය කෙරුණු බවය.

පොලිස්පතිවරයා විසින් ඔනේෂ්ගේ ඝාතන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරනුයේ පසුගිය 09 වෙනිදාය. ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගේ ඝෘජු අධික්ෂණය ඇතිව විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇත්තේ ජාත්‍යන්තර පොලීසියේ මෙන්ම ඉන්දුනීසියානු පොලිසියේද සහය ඇතිව මේ ගැන පුළුල් විමර්ශනයක් සිදු කිරීමේ අපේක්ෂාව ඇතිවය. මෙම පොලිස් කණ්ඩායම සැබෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් මිස දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශන පවත්වන කණ්ඩායම නොවීම ද විශේෂත්වයකි.

ඔනේෂ්ගේ ඝාතනයට පසුබිම් වූ හේතු සොයා මෙරට තුළ සිදු කෙරන මූලික විමර්ශනවලින් අනතුරුව ඇතැම් විට ඉන්දුනීසියාව සමඟ කෙරෙන ඒකාබන්ධ පරීකෂණයක් දක්වා මෙම විමර්ශනය දිගුවක් බවට පත්වීමට ඇති ඉඩකඩ බොහෝය. ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා වැඩි කල් නොගොස් යනු ඇති බවට ඉඟි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් ලැබෙමින් ඇත්තේය.

ඉන්දුනීසියාවෙන් මෙතෙක් මෙරටට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ඝාතනය සිදුව ඇතැයි පෙනී යන්නේ පසුගිය 02 දා හෝ ඊට ආසන්න දිනකදීය. ජකාර්තා පොලිසිය විසින් ඔනේෂ්ගේ මළ සිරුර සොයා ගත්තේ යැයි කියැවෙන්නේ 03 වෙනිදා හෝ ඒ ආසන්න දිනයකදීය. ඒ ඔනේෂ් සිය බිරිය, දරුවා සහ බිරියගේ මිතුරිය නවාතැන් ගෙන සිටි මහල් නිවාස සංකීර්ණයේ කාමරය තුළ තිබියදීය.

මේ කියන ඔනේෂ්ගේ බිරිඳ බ්‍රසීල ජාතික කාන්තාවකි. ඇය ඕනේෂ්ගේ තෙවැනි බිරියය. අසාර්ථක විවාහ දෙකකින් පසු ඇයව ඔනේෂ්ට හමුවී ඇතැයි පැවසෙන්නේ බ්‍රසීලයේ සංචාරයක නිරතව සිටියදීය. ඒ අවන්හලකදීය. ඇය නමින් රොසාලියා තස්කිමොන්ටෝ කාර්ඩෝසෝද සිල්වාය. ඔනේෂ් ඇතුළු පවුලේ අය ඇයට අමතනු ලැබුවේ රෝසා යැයි කියාය. එදා මේ දෙදෙනාගේ හමුවීම දුරදිග ගිය එකක් බවට පත්ව තිබුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස රොසා ගැබ් ගැනීමකට ද ලක්ව සිටියාය. ඒ බව ඇය බ්‍රසීලයේ සිට දුරකතන ඇමතුමක් දෙමින් පවසන විට ඔනේෂ් සතුටින් ඉපිළී යන්නේ අසාර්ථක පෙර විවාහයන් දෙකෙන්ම ඔහුට දරුවන් නොසිටි බැවිනි. ඔහු මේ ගැන සිය පවුලේ අයට ද පවසා රෝසාව ඉක්මනින්ම මෙරටට ගෙන්වා ගෙන තරු පන්තියේ හෝටලයක ලොකු විවාහ උත්සවයක් පවත්වා ඇයව තමාගේම කර ගන්නේ හෙළ සිරිතට අනුවය.

මේ දෙදෙනාට දාව උපදින සිඟිත්තිය අලිෂාය. ඇය දැන් සිවු හැවිරිදි හුරුබුහුටි දියණියකි. බොරැල්ල ඇල්විටිගල පාරේ පිහිටි ජාත්‍යන්තර විද්‍යාලයක ඇය අධ්‍යාපනය ලබමින් සිටියාය. මෑතකදී ඇගේ උපන්දින සාදය පවා ගත්තේ ලොකුවටය.

දෙස් විදෙස් වෙ‍ෙළඳ පොළ වෙත දියර පොහොර බෙදා හරින දැවැත්ත සමාගමක හිමිකරුවෙක් වූ ඔනේෂ් ඒ හැරුණු කොට තවත් ව්‍යාපාර රැසකට සිය ආයෝජන අවස්ථා පුළුල් කරමින් සිටියේ ව්‍යාපාරික ලෝකයේ ඉහළට යමිනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්ව විද්‍යාලයෙන් (Cornell University) විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක් වූ ඔනේෂ් පෝෂණ කළමනාකරණ ශාස්ත්‍රඥයෙක් බව ද කියැවේ. ඒ දැනුම ඔහු යොදා ගනිමින් සිටියේ නව්‍ය ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරීමටය.

ඔනේෂ් ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා මෙරටින් පිටත්ව ගියේ යැයි පැවසෙන්නේ පසුගිය ජනවාරි 20 වෙනිදාය. බිරිය හා සිය දරුවා හැරුණු කොට මෙම සංචාරයට එක්වන අමුත්තිය වන්නේ බිරියගේ මිතුරියකි. ඇය බ්‍රසිල් ජාතික කාන්තාවකි. බ්‍රසීලයේ සිට පැමිණි ඇය මාස කිහිපයක්ම රැඳී සිටියේ ඔවුන් සමඟිනි. ඇය මෙරටට එන්නේ ද රෝසාගේ ආරාධනාවකට අනුවය. රෝසාගේ උදව්වට යැයි කියා ගෙන්වා ගත් ඇයට මාසිකව අමෙරිකානු ඩොලර් 3000ක වැටුපක් පවා ඔනේෂ් ගෙවා ඇති බව කියැවෙයි. ඔනේෂ්ගේ පවුලට සම්බන්ධ තොරතුරුවලින් දැනගන්නට ඇති ආකාරයට අනුව රෝසා යන හැම තැනකටම ඇයව රැගෙන ගොස් තිබුණාය. ඔවුන් දෙදෙනා රාත්‍රියට නිදා ගත්තේ යැයි කියැවෙන්නේද එකම කාමරයකය. මේ දෙදෙනා අතර තිබුණු ඒ සම්බන්ධය කුමක් දැයි මෙතෙක් පැහැදිලිවම හෙළිවී නැතත් ඔනේෂ්ගේ මරණය ඔහු සොයා එන්නේ මෙම තැනැත්තිය සමඟ බව පැහැදිලිය. ඉන්දුනීසියා සංචාරය පවා සංවිධානය වන්නේ යැයි කියැවෙන්නේ ද මේ අයගේ අවශ්‍යතාව මතය. ඔනේෂ් මේ සංචාරය සඳහා සහභාගි වූවත් වැඩි කාලයක් ගත කර තිබුණේ වට්ස්ඇප් ඔස්සේ සිය ව්‍යාපාර කටයුතු ගැන සොයා බලන්නටය. සිය ලේකම්වරිය සමඟ ඔහු ඉන්දුනීසියාවේ සිට දෛනිකව සම්බන්ධ වෙමින් ඉන්දුනීසියාවේ සිට හැම දෙයක්ම ලංකාවේ රැඳී සිටිනවාටත් වඩා හොඳින් මෙහෙයුවේය.

දෛනිකව ඇමතුම් දෙමින් ව්‍යාපාර කටුයතු ගැන සොයා බැලූ ඔනේෂ්ගෙන් පසුගිය 02 වෙනිදා ඒ සුපුරුදු ඇමතුම නාවේය. ඒ නිසාම ඇය ඔනේෂ්ට ඇමතුමක් ගත්තාය. ඊට දිගින් දිගටම ඔනේෂ්ගෙන් ප්‍රතිචාර නොවූ තැන ඇය මේ ගැන පවසන්නේ ඔනේෂ්ගේ පවුලේ උදවියටය. ඒ අයටත් ඔනේෂ්ව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ තැන ඇති වන්නේ දැඩි සැකයකි. ඒ නිසාම ඔවුන් ඔනේෂ් නවාතැන් ගෙන සිටි තට්ටු නිවාස සංකීරණයේ පාලනාධිකාරියට දැනුම් දෙන්නේ ඔනේෂ් ගැන යම් සොයා බැලීමක් කරන ලෙසය. ඔනේෂ් ඝාතනයට ලක්ව සිටින බව හෙළි වන්නේ ඒ අනුව තට්ටු නිවාස සංකිර්ණයයේ සේවකයන් විසින් එහි දොරගුළු ඇර පරීක්ෂා කිරීමේදීය. එම පරීක්ෂා කිරීම පවා ඒ අය කරනු ලබන්නේ දෙවරක් සිතා බලාය. ඔනේෂ් රැඳී සිටි නිවසේ ප්‍රධාන දොරෙහි “බාධා කරන්න එපා“ (DON’T DISTURB) යනුවෙන් වූ පුවරුවක් එහි එල්ලෙමින් තිබුණු බැවිනි. තට්ටු නිවාස සංකිර්ණයේ සේවකයන් බලහත්කාරයෙන් දොරගුළු විවෘත කරන්නේ ද අවස්ථා කිහිපයක්ම දොරට තට්ටුකර ඇතුළතින් කිසිදු ප්‍රතිචාරයක් නොවූ තැනය.

ජාකාර්තා පොලිසිය මෙම අපරාධය ගැන විමර්ශන අරඹන්නේ නිවාස සංකීර්ණයෙන් පොලිසියට ඒ බව දැනුවත් කිරීමෙන් අනතුරුවය. මූලික විමර්ශනවලින්ම පෙනී යන්නේ මෙම මරණය ඝාතනයක් බවය. මෙම ඝාතනය සිදු කර ඇත්තේ කෙසේ දැයි මෙතෙක් ප්‍රසිද්ධියට පත්ව නැත. එහෙත් මෙම මරණය ඝාතනයක් බව ජකර්තා පොලිසිය තහවුරු කර හමාරය. අනුමාන කෙරෙන ආකාරයට ඔනේෂ්ගේ ඝාතනය සිදුව ඇත්තේ 02 වෙනිදාය. එදා ඔනේෂ්ගේ බිරියත්, මිතුරියත් දියණිය ද රැගෙන එම ස්ථානයෙන් පිටව යන්නේ ඔවුන්ගේ බඩු මුට්ටු ද රැගෙනය. DON’T DISTURB” පුවරුව දොරේ එල්ලන්නේ ද ඔවුන්ය. ඒ බව හෙළිවන්නේ නිවාස සංකීර්ණයේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදීය.

ඔනේෂ්ව මරා දැමීමට තරම් රෝසාටත් ඇගේ මිතුරියටත් තිබූ උවමනාව කුමක් දැයි පැහැදිලි නැතත් ඒ දෙදෙනා අතර සමීප හිතවත්කමක් පැවති බව නම් පැහැදිලිය. එදා ඔවුන් දෙදෙනා දියණියව ද රැගෙන කෙළින්ම ගොස් ඇත්තේද ගුවන් තොටුපොළ වෙතය. ඒ ගොස් ඔවුන් දෝහා කටාර් බලා යන්නේ කල්තියා ගුවන් ටිකට්පත් සූදානම් කරගෙන තිබුණු බැවිනි. ඒ අනුව පෙනී යන්නේ ඔනේෂ් ඝාතනය අහඹු සිදුවීමක් නොවන බවය. ඔනේෂ්ව ඉන්දුනීසියාවට රැගෙන ගොස් ඇත්තේම ඔහුව මරා දැමීමට බව දැන් පැහැදිලිය. ශ්‍රී ලංකා පොලිසිය මෙම ඝාතන විමර්ශනයට මැදිහත් වන්නේ මේ නිසාය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

රනිල් සිංදු කියයි! VIDEO

Next Post

ඡන්දෙට සහාය නොදෙන හැමෝටම එරෙහිව නඩු දානවා! කොමිසමේ සභාපති රජයේ නිලධාරීන්ට රතු එළි දල්වයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.