ළමා මන්දපෝෂණය අතින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
එම සංවිධානය පෙන්වා දෙන්නේ දකුණු ආසියාවේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන රටවල් අතර 2වන ස්ථානයට ලංකාව පත්ව ඇති බවකි.
ජීවන වියදම ඉහළ යාම මේ සදහා ඍජුවම බලපා ඇති බව එම සංවිධානය පවසයි.
ආහාර උද්ධමනය අතින්ද ලංකාව මේ වනවිට ලොව 5වන රට බවට පත්ව ඇත.










