සෑම ප්‍රාදේශීය සභාවක්ම, සෑම ග්‍රාමසේවා වසමක්ම නියෝජනය වන පරිදි තරුණ උපදේශන සභාවක් පත්කිරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පසුගිය වකවානුවේ පුරවැසි අරගලයේ දී තරුණයින්ට පාලන තන්ත්‍රයට සහභාගී වීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටී බවත් එය යථාර්ථයක් කරමින් මේ පියවර ගන්නා බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
එම උපදේශක සභාවට බලතල පවරන බවත්,ප්‍රාදේශීය සභාවේ වැඩ කටයුතු නිසියාකාරව නිසිආකාරව සිදුවන්නේ ද යන්න පිළිබඳව ඔවුන්ට විමර්ශනය කළ හැකි බවත් පැවසූ විපක්ෂ නායකතුමා,ඒ හරහා ප්‍රාදේශි සභාව තුළ වංචාව දූෂණය සහ අල්ලස තුරන් වන බවද පැවසීය.
පළාත් පාලන ආයතන ක්‍රියාත්මක විදේශීය රටවල් සමඟ සම්බන්ධතා ඇති කර ගනිමින් අපේ රටේ පළාත් පහණ ආයතන නැංවීමට කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා,ඊට අමතරව කැපකරු ක්‍රමයක් හරහා පළාත් සභාවේ ප්‍රතිපාදන ඉහළ නැංවීමට කටයුතු කරන බවද පැවසීය.
අද උනුත් එකයි මුනුත් එකයි තමන් වෙනස් යැයි පාරම් බාන ඇතැමුන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ආණ්ඩුවේ ඇමති ධූර දැරූ බවත්,මහින්ද රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙක්ම බලයට ගෙන ඒමට සිය කැප කිරීම සහ දායකත්වය ඔවුන් ලබා දුන් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
ඇතමුන් හොරු අල්ලන බවට පැවසුවාට එය කරන්නේ කෙසේදැයි නොපවසන බව කී විපක්ෂ නායකතුමා,සමගි ජන බලවේගය එය සිදු කරන්නේ සොරාගත් සම්පත් සහ මුදල් නැවත පවරා ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් බවද පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ හම්බන්තොට සූරියවැව දී අද පැවති ජන හමුවකට එක්වෙමිනි.


















